රාහුල රත්නවීර ප්‍රථම වරට මහින්දගේ පැටිකිරිය වමාරයි ! බැංකු කඩා මහින්ද ඡන්ද කළ හැටි..! රනිල් හාමු මහින්ද බේරා ගත් හැටි..! වැලිකඩ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හැටි..!
වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය. “බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක් කරන්ඩ එපෑයැ..” “ඉතින් සර්.. දෙමුකො නියමෙට…” “ඇට දෙක විකුණලා තමා ඡන්දෙ කරන්ඩ වෙන්නේ!” “ඇයි සර් සල්ලි ඕනෙ තරම් තියෙන්නේ” “කොහෙ තියෙන සල්ලිද ඕයි…?” “ඇයි …
Continue Reading
ඝෝෂාකාරී නාද රටා සහිත නලා සවිකළ රථ වාහන වැටලීමට ජනපතිගෙන් නියෝග
ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙන අතර ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් කි‍්‍රයාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් නිකුත් කෙරේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳ උපදෙස් ලබා දෙනු ලැබිය. පරිසර දුෂණයේ අංගයක් වන …
Continue Reading
අභියාචනාධිකරණය ප්‍රතික්ෂේපයි! වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි
හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය. එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් …
Continue Reading
ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය මම සදහටම විසදනවා – ඇමති රවීගෙන් සහතිකයක්
මම මේ විදුලිබල ක්ෂේත්‍රය බාර අරගෙන තවමත් දින 72 යි, මට පැවැරිලා තිබෙන්නේ අමාරු රාජකාරියක්. නමුත් මේ සිංහල දෙමළ අවුරුද්දට ඉස්සෙල්ලා, වසර 15 ක් මේ රටේ ඇණහිටලා තිබුණ, ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන්න බැරිවෙලා තිබෙන ප්‍රශ්නය, මම සදහටම විසඳන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පෙරේදා(03) පෙරවරුවේ මිලාගිරිය ශාන්ත පාවුලු විද්‍යාලයේ පැවති …
Continue Reading
ETI තැන්පත්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට
ETIමූල්‍ය සමාගම සහ අධ්‍යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇත. ඊ.ටී.අයි මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කෙළ්ය. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා සහ එහිමුදල් මණ්ඩලයේ සාමාජිකයින්, ඊ.ටී.අයි මූල්‍ය සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය,පොලිස්පතිවරයා, …
Continue Reading
විදුලිය දෙන්න පාවෙන බලාගාර 2ක් ලංකාවට
ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් ලබාදීම සඳහා මෙරට නියෝජිතයකු සිදු කළ ඇණවුමකට අනුව ඉරානයට සහ තවත් මැදපෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා (බාර්ජ්) දෙකක් ඊයේ (03) වන විට ශී‍්‍ර ලංකාව සමීපයට පැමිණ තිබිණි. මෙම පාවෙන බලාගාර දෙකින් සුදුසු එකක් හම්බන්තොට හෝ ති‍්‍රකුණාමලය වරායට ළඟාවීමෙන් පසු එහි සිට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි …
Continue Reading
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇමති රවී පිට වරද පටවන්න කිසිසේත්ම බැහැ – විපක්ෂය කියයි (වීඩියෝ)
විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇඟිල්ල දුගු කිරීමට විපක්ෂය විසින් සූදානම් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. මේ ආණ්ඩුව කිසිම සංවේදීකමක් නොමැති ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් …
Continue Reading
වෘත්තීය සමිති මර්දනයට ආණ්ඩුවෙන් අලුත්ම දරුණු පනතක්!
පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය නාලිකා ප්‍රධානීන් විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ප්‍රතිත්‍රස්ත පනත ලෙස සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. මෙහිදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරීස් මහතා විසින් මෙම පනත අහෝසි කර සාමාන්‍ය නීතියට අන්තර්ග්‍රහනය කිරීමේදී මාධ්‍යවේදීන්, වෘත්තිය …
Continue Reading
මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව ලබා දෙයි (වීඩියෝ)
මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ප්‍රතිඥාව මීට සුළු මෙහොතකට පෙර ලබා දී තිබේ. “බක්මහ දිවුරුම” ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මේ වන විට ආරම්භ වී තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී විය. රාජ්‍ය …
Continue Reading
ශ්‍රී ලංකාවට යවන්න එපා! මධුෂ්ගෙන් ඩුබායි අධිකරණයට පෙත්සමක්!
තමන්ට ජීවිත තර්ජන ඇති බැවින් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දීය ජාතික නීතිඥවරුන් පිරිසක් මාර්ගයෙන් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇති බව ඩුබායි රාජ්‍යයෙන් ලැබෙන ආරංචිමාර්ග කියා සිටියි. තමන් ශ‍්‍රී ලංකාව වෙත පිටත් කර හැරියහොත් ආරක්‍ෂක අංශ සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම් තමා ඝාතනය කිරීමට …
Continue Reading