අභියාචනාධිකරණය ප්‍රතික්ෂේපයි! වෙලේ සුදාගේ මරණ දඬුවම ස්ථිරයි

Spread the love

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරුකොට මරණ දඬුවම් නියම කර සිටි ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැත්තාට පනවා තිබූ එම දඬුවම අද(05) ස්ථිර කළ අභියාචනාධිකරණය එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය නිෂ්ප‍්‍රභ කිරීමට තීන්දු කළේය.

එම දඬුවමට එරෙහිව වෙළේ සුදා විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

2008 වසරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබාගෙන මේ චෝදනාවට වරදකරු කෙරෙන වෙලේ සුදා නමැත්තාට කොළඹ මහාධිකරණය මඟින් 2015 වසරේදී මරණීය දණ්ඩනය පනවනු ලෑබුවේය.

මහාධිකරණය මඟින් තමන්ට මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් අභියාචනාධිකරණය වෙත එම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සඳහන් කර සිටියේ කර සිටියේ විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ බවයි.

එම මරණීය දණ්ඩනය පනවා ඇති ආකාරය නීතිවිරෝධී බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් වෙලේ සුදා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබේ. වෙලේ සුදා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.

කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට වෙලේ සුදාගේ නීතිඥවරු සූදානම් වන බවට වාර්තාවේ.

Loading...

RSL

Related Posts