රාහුල රත්නවීර ප්‍රථම වරට මහින්දගේ පැටිකිරිය වමාරයි ! බැංකු කඩා මහින්ද ඡන්ද කළ හැටි..! රනිල් හාමු මහින්ද බේරා ගත් හැටි..! වැලිකඩ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හැටි..!

Spread the love

වලව්වේ රැස්වීමක සූදානමකි. මිදුලේ තැන් කිහිපයක කුඩා කන්ඩායම් ‍රැස්ව සිටිති. ටික වේලාවකින් දේශපාලනඥයාගේ මෝටර් රථය එහි සැපත් විය. සිය අගසව්වන් තිදෙනා සමග ඔහු වලව්ව ඇතුලට ගියේය.

“බලනව ඕයි! අර මගුල අද විසිරෙව්ව.. දැන් ඉතින් ආයේ ඡන්දයක්  කරන්ඩ එපෑයැ..”

“ඉතින් සර්.. දෙමුකො නියමෙට…”

“ඇට දෙක විකුණලා තමා ඡන්දෙ කරන්ඩ වෙන්නේ!”

“ඇයි සර් සල්ලි  ඕනෙ තරම් තියෙන්නේ”

“කොහෙ තියෙන සල්ලිද ඕයි…?”

“ඇයි සර් බැංකු වල සල්ලි තියෙන්නේ”

බැංකු කඩා ඡන්ද කිරීමේ උපත

එය 1994 වසර විය . වලව්ව මැදමූලන වලව්ව විය. දේශපාලනඥයා වූයේ මහින්ද රාජපක්ෂය. අනෙක් තිදෙනා  ආර්මි ජිනේ,  රත්නවීර සහ චන්ඩි මල්ලි වූවෝය. එකල්හි දකු‌ණේ පාතාලය ‘රන්’ ක‌ෙළේ මොවුන්ය. මොවුන් සියල්ල මැදමුලන එක හැලියේ බත් කෑ උන්ය. ” බැංකු වල සල්ලි ” යයි අදහස් ක‌ෙළේ මහින්දගේ හෝ ඔවුන්ගේ සල්ලි නොවේ.  බැංකු සේප්පු වල මුදල්ය . රත්නවීරගේ සැලසුමට මහින්දගේ අනුමැතිය ලබුනේය. දින 10 ක් ගතව යාමට මත්තෙන් රත්නවීරලා ප්‍රදේශයේ බැංකු 2 ක් කොල්ල කෑවෝය. මහින්ද 94 මැතිවරණය ක‌ෙළේ ඒ මුදල් වලිනි. ඡන්ද 78977ක් ගත් මහින්ද වාර්තාවක් පිහි‍ටුවමින් දිස්ත්‍රික්ක‌යේ ප්‍රථමයා බවට පත් වූයේය.

කවුද මේ රාහුල රත්නවීර..?

මැතිවරණයේ  උණුසුම  යාමට මත්තෙත් විශේෂිත දෙයක් සිදු විය.  මැදමුලන වලව්වේ එක බත් හැලිය කෑ ආමි ජිනේ, රත්නවීර  සහ චන්ඩි මල්ලි විරසක වූහ. මොවුන් වෙන් වූයේ කොල්ල කෑ බැංකු මුදල් බෙදා ගැනීමේදී ඇති වූ ආරෝවක් නිසා යයි කීවද එය අසත්‍යයකි. එය මහින්ද විසින් තමාට එරෙහි සාක්කි විනාශ කිරීම සඳහා ශුක්ෂමව ඇටවූ උගුලකි. මැතිවරණයෙන් පසු මහින්දගේ සුරතලා වූයේ චන්ඩි මල්ලිය. ආමි ජිනේ මරා දැමූ චන්ඩි මල්ලි රත්නවීරලාට එරෙහිවද යුධ ප්‍රකාශ ක‌ෙළේය. මෙලෙසින් මැදමුලන වලව්වේ ත්‍රාසජනක මතකයන්  ආවර්ජනය කරන  පුද්ගලයා තවමත් ජීවතුන් අතරය. ඔහු රාහුල රත්නවීරය. රාහුල උපවැදි වූවෙකි. උපාධිධාරියෙකි. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියකි . දියනියන් දෙදෙනා ද වෛද්‍යවරියන්ය.

බෙලිඅත්තෙන් වැඩිම ඡන්ද ගත් ගුණරත්න

1991 බෙලිඅත්ත ප්‍රදේශීය සභාවට නිදහස් පක්ෂයෙන් වැඩිම මනාප ලබා ගත්තේ ඒ. එම්. කේ. ගුණරත්නය. මොහු රත්නවීරගේ  හිතවතෙකු වූයේය. එම හේතුව නිසා මහින්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ගුණරත්නට නොදී චන්ඩි මල්ලිට දුන්නේය. මහින්දගේ තීරණයට විරෝධය පෑ ගුණරතන එ.ජා.පයට ගියේය. පිල් මාරු කළ ගුණරත්න මහින්දට එළිපිට අභියෝග ක‌ෙළේය. ඔහු බෙලිඅත්තේ කොතරම් ජනප්‍රිය වී ද යත් මහින්ද‌ගේ දේශපාලනයේ සොහොන් ලකුණ වූයේ ගුණරත්න ය. නමුත් ගුණරත්නට වැඩිදුර යා හැකි වූයේ නැත. චන්ඩි මල්ලි විසින් ඔහු ඝාතනය කළේය. ඔහු ඝාතනය වූයේ 1997 වසරේ ය. එම ඝාතනයට එරෙහිව  දැවැන්ත උද්ඝෝෂණයක් බෙලිඅත්තේ පැවැත්වූයේය .එහි ප්‍රධාන චරිතය වූයේ එජාප මහ ‌ලේකම් ගාමිණි අතුකෝරාලය. ගාමිණීගේ පෙරැත්තය  නිසා රනිල්ද ඊට සහභාගි විය.

කාල්ටන් නිවසේ සිවිලිමේ සැඟවූ පිස්තෝලය

2002 වසරේදී එ.ජා.ප රජයක් බලයට පැමිණියේය. අභ්‍යන්තර ආරක්ෂක කටයුතු භාර ඇමති වූයේ ජෝන් අමරතුංග ය. ඒ සමගම ඒ.එම්.කේ ගුණරත්නගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ මෙහෙයවීම නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක යටතට පත් කළේ ය. ඔහුගේ සහායට ස.පො.අ. ඥානරත්න පත් ක‌ෙළේය. ඝාතනයට සැක පිට චන්ඩි මල්ලි අත්අඩංගුවට පත් වූයේය. චන්ඩි මල්ලි මාගල දිග ඇරියේ ය. ගුණරත්න ඝාතනය ක‌ෙළේ මහින්දගේ ඉල්ලීම පරිදි බවත් වෙඩි තැබූ පිස්තෝලය කාල්ටන් නිවසේ සිවිලිමේ සඟවා ඇති බවත් ඔහු පාපෝච්ඡාරණය ‌කෙළේය. ජෝන් අමරතුංගගේ නියෝගයෙන් මහින්ද අත්අඩංගුවට ගැනීමට කණ්ඩායමක්ද රැගෙන ස.පො.අ ඥානරත්න කාල්ටන් නිවස බලා පිටත් වූයේය.

‘ඔයා ඇරෙස්ට් කරන්ඩ යන්නේ අපේ කෙනෙක්’

චන්ඩි මල්ලිගේ පාපොච්චාරණයත් සමග මහින්ද බෙල්ලටම සිර වූයේය. තමා බේරාගන්නා ලෙස එවක අගමැති  රනිල් ඉදිරියේ ඔහු බැගෑපත් වූයේය. වහාම ජෝන්ට කථා කළ රනිල්  මහින්ද අත් අඩංගුවට නොගන්නා ලෙස බල ක‌ෙළේය. මහින්ද අත්අඩංගුවට ගැනීමට පැහැදිලි සාක්ෂි ඇතැයි ජෝන් පෙරළා කීවේය. ”මහින්ද නැතුව අපිට චන්ද්‍රිකා එක්ක හැප්පෙන්ඩ බෑ, එයා අපේ කෙනෙක් , ඔයා ඇරෙස්ට් කරන්ඩ යන්නේ අපේ කෙනෙක් ” රනිල් අමුතු කථාවක් කීවේය.  ”පීනල් කෝඩ් ” පසෙක ලා දේශපාලනික තීන්දු ගන්නා ලෙස රනිල් නියෝග ක‌ෙළේය. වාසනාවට හෝ අවාසනාවට ගුණරත්නගේ ඝාතනයට එරෙහිව බෙලිඅත්තේ  උද්ඝෝෂණය කළ ගාමිණි අතුකෝරල ඒ වන විට දිවි සැරිය නිම කොට තිබුණි. මහින්ද අත් අඩංගුවට ගැනීමට කාල්ටන් බලා යමින් සිටි ස.පො.අ ඥානරත්න ඇතුළු කණ්ඩායම ‌ජෝන්ගෙන් අතර මගදී ලැබුණු නියෝග නිසා ආපසු හැරී ‌කොළඹ ආවෝ ය.

රත්නවීරට ඔත්තුව දුන් ප්‍රතාපසිංහ

රනිල්ගේ පිහි‌ටෙන් චන්ඩි මල්ලී ද ඇප මත නිදහස් වූයේය . නමුත් චන්ඩි මල්ලීට පොත අත්සන් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිතර යා යුතු වූයේය. කොළඹ අධි ආරක්ෂිත කලාපයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පිට චන්ඩි මල්ලී ඝාතනය වූයේ ය. මිය යන විට  ඔහු දකුණු පලාත් සභාවේ ධීවර ඇමති ය. චන්ඩි මල්ලීට වෙඩි තැබුවේ රත්නවීර කන්ඩායම ය. ”ඔන්න දැන් එනවා” කියා චණ්ඩි මල්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එලියට එන ‘ටිප් එක’ රත්නවීරට දුන්නේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහය. චන්ඩි මල්ලිගේ ඝාතනයට සැක පිට රත්නවීරලා අත් අඩංගුවට පත් වූහ.

කේපී  සමග මෙරටට පැමිනි අනෙක් පුද්ගලයා කවුද?

වම්බොට්ටාගේ පවුලේ උන් මනා රූප සොබාවෙන් යුතු වූවන්ය. රාහුල රත්නවීර කියන පරිදි වම්බොට්ටාගේ අක්කාගේ දියණිය මහින්දගේ ය. ඒ බව ශිරන්ති  පවා දන්නීය. ඇයගේ අධ්‍යාපන කටයුතුවලට පවා අනුග්‍රහය දක්වන්නේ ශිරන්තී ය. සුනිල් රත්නවීර අධිකරණය වෙත රැගෙන යද්දී වම්බොට්‌ටා බන්ධනාගාර බස්‌ රථයට වෙඩි තබා රත්නවීර ඇතුළු පිරිස ඝාතනය ක‌ෙළේය. අපේ කථාවේ රාහුල රත්නවීර ඒ වන විට සිටියේ තංගල්ල බන්ධනාගාරයේ ය. රහුල රත්නවීරගේ ජීවිතය ගැලවුනේ එහෙයිනි. 2005 වසරේ පැමිණි සුනාමියෙන් තංගල්ල බන්ධනාගාරයේ පැත්තක් බිමට සමතලා විය. සිරකරුවන් ගණනාවක් පැන ගියේය. රාහුල රත්නවීර ද ඒ අතර විය. රාහුල රත්නවීර මැලේසියාවට පැන ගියේය. 2009 වසරේදී කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. සමග රාහුල රත්නවීර ද මැලේසියානු පොලීසියේ අත් අඩංගුවට පත්වූයේ ය. කේ.පී. සමග මෙරටට ‍රැගෙන ආ අනෙක් පුද්ගලයා රාහුල රත්නවීර ය. කේ.පී.ට අරලිය මැදුරේ සැප ලැබුන ද රාහුල රත්නවීරට හිමිවූයේ වැලිකඩ සිපිරි ගෙදර ය.

වැලිකඩ ප්‍රහාරයේ ඉලක්කය

දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිරකරුවන්ට එල්ලවූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන්නේ වැලිකඩ ප්‍රහාරයයි. රජයේ හමුදාව සහ පොලීසිය එක්ව සිරකරුවන් 27 දෙනෙකු මරා දැමූ අතර 100 කට වැඩි පිරිසකට තුවාල සිදු ක‌ෙළේය. ‍ මරාදැමීමට තීන්දු කළ  සිරකරුවන්ගේ නාම ලේඛනය තිබුනේ රංගජීවගේ අතේය . රංගජීව ඇතුලු ගෝටාගේ අළුගෝසු‌වෝ නම් අඬ ගහමින් සිරකරුවන්ට වෙඩි තැබූූූහ. මෙම ලැයිස්තුවේ මුලින්ම සිටියේ අන් කිසිවෙකු නොව රාහුල රත්නවීරය. රංගජීව, රත්නවීර සොයා සිරගෙදර පීරන විට ඔහු සිටියේ ටොයිලට් වලක් යට සැඟවීගෙන ය. ටොයිලට් වලක් තුල ‍රැය පහන් කළ ඔහු දිවි ගලවා ගත්තේ ය. 2016 වසරේදී රාහුල රත්නවීර ඇප පිට නිදහස් වූයේය. මේ කථාව ‌මේ ලියුම්කරු සමග පාපෝච්ඡාරණය කළ ඔහු තවම ජීවතුන් අතරය.

ජනයාට ‘කොකම් පාන’ හාමුලා

88-89 කාලයේ මහින්ද ජ.වි.පෙ සහ ආරක්ෂක අංශ යන දෙපාර්ශවය සමග එකවර සබඳකම් පැවැත්වූයේය.  ජවිපෙ හරහා එජාප නායකයනුත් , රනිල් වැනි එජාප නායකයන් හරහා ජවිපෙ කාඩරයනුත්  ඝාතනය ‌‌කෙරෙව්වේ ය. පොරවෙන් කැපීමට නොතියා නිය පොත්තෙන්ම කඩා දැමීම මහින්දගේ තියරිය වූයේය. 80-85 කාලයේ මහින්ද ඩී.එම් රාජපක්ෂගේ  කොන්දගල වලව්වට ගේම දුන්නාා ‌සේම 88-90 කාලයේ ගම් ප්‍රදේශයට ද සුද්දය දුන්නේය. ඊලඟට එය ජාතික දේශපාලනය දක්වා ව්‍යාප්ත ක‌ෙළේය. අද විපක්ෂයේ දේශපාලන බලකො‍ටුව මහින්දගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව ඇත. එහි සියළු තීන්දු තීරණ ගන්නේ මැදමුලන වරිග සභාව විසිනි.

එක්සත් ජාතික පක්ෂයේ ස්වරූපය ද මීට දෙවෙනි නැත. එජාපය අද රනිල්ගේ පෞද්ගලික බූදලයකි. අද සිටින රනිල්ගේ මුල පරම්පරා තුනකට වැඩි නැත. රනිල්ගේ පරපුරේ මුල්  මෙහි පැමිනියේ ඉන්දියාවේ සිටය. හමුදා කඳවුරු වල සුද්දන්ට ආවතේව කිරීම ඔවුන්ගේ මුල් වෘත්තිය විය. ඉන්පසු සුද්දන්ගේ භාෂා පරිවර්ථකයන් ලෙස කටයුතු ක‌ෙළෝය. ශ්‍රී වික්‍රම රාජසිංහගේ ඔර්ලෝසුව කෞතුකාගාරයට පරිත්‍යාග ක‌ෙළේ ජේ.ආර්. විසිනි. එය ‌ජේ.ආර්. සතු වූයේ ‌කෙළෙසද?  රජු අත් අඩංගුවට ගන්නා විට ඔර්ලෝසුවට සුද්දය දුන්නේ ජෝන් ඩොයිලිගේ භාෂා පරිවර්ථකයා වූ ජේ.ආර්ගේ සීයා තම්බි මුදියන්සේ ය. ඔහු රනිල්ගේ මුත්තා ය.

සියවසේ හොඳම ‍රැවටීම්

රජුගේ  ඔර්ලෝසුව කෞතුකාගාරයට දුන් ජේආර්ලා, වක්කඩෙන් අත සේදූ රාජපක්ෂලා , ගොවි අමුඩ සරල සිරිසේනලා යනු සියවසේ හොඳම ‍රැවටීම්ය. මොවුන් එක් පැලැන්තියකි. වීරවංශලා, මහින්දානන්දලා දේශප්‍රේමීන් නොව හාමුලාගේ ක‍ටු කන සුනඛයින්ය . විල්පත්තුව වැනි නාටක අහඹු සිදුවීම් නොවේ. අපේ රටේ දේශපාලනය තිරස්චීන කලාවකි. වංචාව ප්‍රෝඩාව සහ තගරිය එහි සංකේතයන් ය.  දේශපාලනයේ ඉහලට ගිය අයෙක් වෙත් නම් ඔහු මෙකී කලාවේ කෙළ පැමිණියෙකි.

පාර්ලිමේන්තුවේ 225 න්  91දෙනෙක් සාමාන්‍ය පෙළ අසමත්ය. ඇමති මණ්ඩයෙන් කාලක් ගණිතය, විද්‍යාව අසමත් ය. ඇමතියෙකු නඩත්තු කිරීමට දැරිය යුතු පිරිවැය කෝටි 4 කට වැඩිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ලැයිස්තුව පිලිබඳ ව්‍යතිරේඛයක් ඇත්තේය. දේශපාලනඥයන් නොවන වෘත්තිකයන් කෙලින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒම එහි අරමුණ ය. නමුත් ජාතික ලැයිස්තුව හරහා දැන් පාර්ලිමේන්තුවට පැමි‌ණෙන්නේ වියතුන් නොව එස්.බී, ඩිලාන් වැනි පරාජිත කුණු ගොඩවල්ය. චීනයේ ජනගහනය කෝටි 138 කි. එරටේ ඇමතිවරු 30 දෙනෙකි. ලංකාවේ ජනගහනය කෝටි 3 කි. ඇමතිවරු 100 කට වැඩිය. මෙකී  ක්‍රමයට  විසිල් ගහන්‌නේ ද අපිමය; හුරේ දමන්නේ ද අපිමය.   

-කීර්ති රත්නායක-

හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

ඡායාරූප -ලංකා ඊ නිව්ස්-

RSL

Related Posts