රාජපක්ෂලා ජනතාවට ආදරේ කළ තරම පෙන්වන්න බැසිල්ගෙන් පුංචි උදාහරණයක්
පැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ අනූහයකට (9,680,000.00) වැඩි මුදලක් ගෙවීම, මාසික විදුලි බිල මසකට ලක්ෂ විස්සක් ගෙවීම යන කරුණු මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කුප්‍රකට බැසිල් රාජපක්ෂ විසින් තම අතිසුඛෝපභෝගී මෝටර් රථය සඳහා එම ගොඩනැගිල්ලේ විශේෂ විදුලි සෝපානයක් …
Continue Reading
තායිලන්තයේ කොටි විහාරයෙන් කොටි මස් හමුවේ
තායිලන්ත කොටින් ඇතිදැඩි කළ බෞද්ධ විහාරස්ථානයේ තිබී දින 1ක් 2ක් වයසැති කොටි පැටවුන් 40කගේ පමණ සිරුරු සොයා ගෙන ඇතැයි වාර්තාවේ. උසාවි නියෝගයක් සමඟ සිදුකළ වැටලීමකදී ශීතාගාරවල බහා තිබූ මෙම කොටි පැටවුන්ගේ මාංශ සොයාගත් බව එරට ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇඩිසෝන් නච්ඩම්රොන්ග් පවසයි. කාංචනාබුරි පළාතේ පිහිටි මෙම විහාරස්ථානයේ කොටි 137 දෙනෙකු සිටි අතර එයින් තිදෙනෙකු සඳුදා දිනයේදී ඉවත් කරන …
Continue Reading
ගම්මන්පිලගේ මිලියන 110ක පිවිතුරු හොරකමක් එළියට
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා චෝදනා කරයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් උදය ගම්මන්පිල මහතා විසින් සකසන ලදැයි චෝදනා කරන “නීත්‍යානුකූල ප්‍රකාශනයක්” යැයි …
Continue Reading
අනූෂ පැල්පිට ගැන වජිරගේ පාර්ශවය කියන කථාව
පසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන අනූෂ පැල්පිට සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පාර්ශවයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇති අතර එය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළ කර සිටිමු. පසුගිය රජය පැවති කාලයේ දී විවිධ චෝදනා එල්ලවි ඇතැයි කියන අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇතැයි පසුගිය දිනවල දී ඇතැම් මාධ්‍යවලින් …
Continue Reading
සංචාරකයන්ගේ පැමිණීම 20%කින් ඉහළට
නැඟීඑන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාව සංචාරක ආකර්ෂණීය රටක් බවට පත් කරමින් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 20 කින් ඉහළ ගොස් තිබේ. මේ වසරේ මුල් කාර්තුවේ දී එම ශීඝ්‍ර වර්ධනය පෙන්නුම්කර තිබෙන අතර පසුගිය 2015 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ මෙරටට පැමිණි 601,055ක් වූ විදේශීය සංචාරකයන්ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හතරේ දී විදෙස් සංචාරකයන් 721,185 දෙනෙකු මෙරටට …
Continue Reading
තාජුඩීන් ඝාතනයේ ලේඛන ගොනුව වසාදමන්න නියෝග කරලා
පොලිස්පතිතුමා වෙත යොමු කළ යුතු ලේඛන පවා තමාවෙත යොමු කරන ලෙසට බලපෑම් කළ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා දැමීමට නියෝග කළේ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි කෝරලේවත්ත ගමරාලලාගේ ධර්මවර්ධන මහතා රහස් පොලිසියට ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇති බවට රහස් පොලිසිය පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් …
Continue Reading
එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)
මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු …
Continue Reading
ඇමති වජිර හොරුන්ගේ රෙදි අපුල්ලන්න ගොස් හත්පොලේ ගාගනී (Video)
ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ආයතන සංග්‍රහය හෝ පොලිස් ආඥාපනත පිළිබඳ කිසිත් නොදන්නා බව ප්‍රකට කරමින් ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතාට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නිලධාරින් පාලනය කරන්නේ පොලිස් ආඥාපනත නොව ආයතන සංග්‍රහය බවයි. …
Continue Reading
නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ
කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …
Continue Reading
තඟ දැමූ නැ’හිර මහ ඇමැති ගැන විමර්ශන වාර්තාව ජනාධිපතිට
සාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආර්ච්චි මහතා පවසයි. නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්න මහතා විසින් සංවිධාන කළ අතර …
Continue Reading