අනූෂ පැල්පිට ගැන වජිරගේ පාර්ශවය කියන කථාව

Spread the love

vajira-abeyguwardanaපසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන අනූෂ පැල්පිට සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පාර්ශවයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇති අතර එය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළ කර සිටිමු.

පසුගිය රජය පැවති කාලයේ දී විවිධ චෝදනා එල්ලවි ඇතැයි කියන අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇතැයි පසුගිය දිනවල දී ඇතැම් මාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක් දියත් කර තිබිණි. එහි දී සෘජුව චෝදනා එල්ල කරන ලද්දේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙතය.

නමුත් එවැනි පත්වීමක් සිදුකර තිබුණේ නැත. ආපදා සහන සේවා කටයුතු සිදුකරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගිනි. එම කටයුතු භාර වන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටය. ආපදා තත්ත්වය හමුවේ අවශ්‍ය කටයුතු සිදුකිරීමට රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරින් 20 දෙනකුගේ පමණ අවශ්‍යතාවක් අමාත්‍යාංශයට තිබූ බැවින් ඒ පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැන්වූ විට එහි සංචිතයේ සිටි නිලධාරීන් 20 දෙනකු තාවකාලකිව ස්වදේශ කටයුතු අමාතයාංශයේ සේවය සඳහා අනුයුක්ත කර තිබිණි. මේ 20 දෙනා අතර අනූෂ පැල්පිට ද සිටියේය.

ඔහු ඒ වනවිටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයේ වැටුප් ලබන නිලධාරියෙකි. ඔහුට ඇති චෝදනා හෝ පරීක්ෂණ කවරක් වුව ද ඒ වනවිටත් වැටුප් ලබමින් සිටින නිලධාරියකුගේ සේවය ලබා ගැනීම රජයක් විසින් සිදුකරනු ලබන්නකි. මේ අනුව ඔහුගේ තාවකාලික සේවය ලබා ගැනීමට සිදුව තිබිණි.

මේ තත්ත්වය නොදත් ඇතැම් මාධ්‍යය අනූෂ පැල්පිට මහතා ස්වදේශ කටයුතු අමාතයාංශයේ සහකාර ලේකම්වරයකු ලෙස පත්කැර ඇතැයි ප්‍රචාරය කරන්නට විය. එම ප්‍රචාරයත් සමගම රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කියා සිටියේ අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වරයකු ලෙස පත්කැර නැති බවයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා කියා සිටියේ ද අනූෂ පැල්පිට මහතා පත්කරන ලද්දේ ආපදා සහනසේවා කටයුතු සඳහා පමණක් බවයි.

අනූෂ පැල්පිට ට එරෙහිව දූෂණ චෝදනා රැසක් පවතී. ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුය. අප දන්නා පරිදි ඔහුට එරෙහිව චෝදනා විභාග කළ යුත්තේ තාවකාලිකව හෝ වැඩ තහනම් කිරීමෙන් අනතුරුවය. නමුත් සිදුවෙමින් පවතින්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයේ සිටිමින් අනූෂ පැල්පිට වැටුප් ලබා ගැනිමයි. එවැනි දූෂණ චෝදනා එල්ල වූ නිලධාරියකුගේ සේවය තවදුරටත් ආපදා සහනසේවා සඳහා නොගෙන ඔහු ගෙදර යැවිය යුතුය. වැටුප් නොදී සේවය අත්හිටුවා ගෙදර තබා ඔහු කළ බරපතල වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ පැවැත්විය යුතුය.

පසුගිය රජය කාලයේ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ජුන්ඩාවේ ප්‍රධානියකු වූයේ අනූෂ පැල්පිටය. ඔහු නාරාහේන්පිට සිය රාජකාරී ස්ථානයකට අමතරව තවත් කාර්යාලයක් පවත්වාගෙන ගියේය. ඒ මහින්දට එරෙහිවූවන්ට මඩ ගැසීමට හා මහින්දගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. වෙබ් අඩවිවලට තහනම් ක්‍රියාත්මක කරමින් ඒවා මෙරට වැසියන්ට බැලීමට නොහැකි තත්ත්වයකට පත්කළේ ද අනූෂ පැල්පිට විසිනි. එවන් අනූෂ පැල්පිට වත්මන් ආණ්ඩුවේ ද සුරතලයකු වන්නේ නම් අපට ඇත්තේ පිළිකුලකි. ආණ්ඩුව ගැන කලකිරිමකි.

RSL

Related Posts