ගම්මන්පිලගේ මිලියන 110ක පිවිතුරු හොරකමක් එළියට

Spread the love

udhaya-gammanpilaඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා ‍චෝදනා කරයි.

ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් උදය ගම්මන්පිල මහතා විසින් සකසන ලදැයි චෝදනා කරන “නීත්‍යානුකූල ප්‍රකාශනයක්” යැයි කියනු ලබන ලේඛනයක් ලසිත පෙරේරා මහතා විසින් ඊයේ (01) මාධ්‍යයට අනාවරණය කළේය. මෙම නීත්‍යානුකූල ප්‍රකාශනයේ අත්අකුරු, එය සාදන ලදැයි පවසන රෝස්මරි ස්මිත් යන ඕස්ට්‍රේලියානු කාන්තාවගේ නොව ‍ගම්මන්පිල මහතාගේ බව පෙරේරා මහතා චෝදනා කරයි.

එම නීත්‍යානුකූල ප්‍රකාශනයට අනුව රෝස්මරි ස්මිත් ඩිජිටල් නොම්නීස් සමාගමෙන් උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට දෙන ලද 1997 අප්‍රියෙල් 18 ඇටර්නි බලපත්‍රයේ ඇති ඇගේ අත්සන සහ අත්අකුරු හඳුනා ගත් බව සහතික කර තිබේ.

එසේම බ්‍රයන් ෂැඩික්ගේ ඉල්ලීම පරිදි බ්‍රයන් ෂැඩික් සහ ජැනට් ෂැඩික් පුඩිත් දවෙස් සමඟ ඇටර්නි බලයේ අත්සන් ඇය ඇසින් දුටු බවද ස්මිත් සහතික කර ඇත. බ්‍රයන් ෂැඩික් කළමනාකාර අධ්‍යක්ෂක ලෙස සිටි පර්ත් මෙට්ල් කම්පැනිහි ඇය ලේකම්/පොත් තබන්නා ලෙස සහ ජුඩිත් දවෙස් පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කරද්දි මෙම ලේඛනය අත්සන් කළ බව තවදුරටත් ස්මිත් තහවුරු කර ඇත.

එසේ නමුත් මෙම ලියවිල්ල උදය ගම්මන්පිල විසින් සෑදූවක් බවත්, එහි ඇති අත් අකුරු ඔහුගේ බවත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ ලියවිල්ල අධිකරණය නොමඟ යැවීමට ගම්මන්පිල මහතාගේ අසාර්ථක වෑයමක් විදියට අපි දකිනවා. මේ ලියවිල්ලේ ඇති අත්අකුරු ගම්මන්පිල මහතාගේ බවට අපට කිසිම සැකයක් නෑ. එම නිසා ඒ ලියවිල්ල වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපි යොමු කළා. මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් පෙරේරා මහතා පැවැසීය.

මීට ඉහත අවස්ථාවකදී ගම්මන්පිල මහතා විසින් ඩිජිටල් නොමිනීස් සමාගමට අනුබද්ධිත පෑන් ඒෂියා බැංකුවේ බ්‍රියන් ෂැඩික් සහ ඔහුගේ පවුලට අයිති මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කරමින් Vanik Incorparation PLC සහ ධම්මික පෙරේරාට විකුණු බවට ලසිත පෙරේරා විසින් චෝදනා කරන ලදි. මෙම ගනුදෙනුවේදී ගම්මන්පිල මහතාගේ බිරිඳ දිනේෂා ගම්මන්පිල මහත්මිය සාක්ෂිකාරියක් වශයෙන් අත්සන් කර ඇති බවට පෙරේරා මහතා තවදුරටත් පෙන්වා දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ සිද්ධියට අදාළ කටයුතු ප්‍රමාද කිරීම සැකසහිත බවත්, එය අගතියට පත් පාර්ශ්වයට කරන බලවත් අසාධාරණයක් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා මෙතෙක් නිහඬ බවත් මේ චෝදනා සම්බන්ධයෙන් විවෘත විවාදයකට පැමිණෙන ලෙසත් පෙරේරා මහතා ගම්මන්පිල මහතාට අභියෝග කළේය.

උපාසක ලීලාවෙන් ජනතාව මුලා කරන්නෙකු ලෙසත් චරිතවත් අයෙකු ලෙසත් පෙනී සිටින කුප්‍රකට උදය ගම්මන්පිලගේ කැරට්ටුවේ සල්ලාලකම් පිළිබඳ තොරතුරුද හෙළිවෙමින් පවතින අතර ඉදිරියේදී ඒවා තුළින් මොහු ගම්මන්පිළද නැතහොත් දේශපාලන ප්‍රතිවාදීන් හඳුන්වන පරිදි මොහු ගෙම්බන්පිළයෙකුද යන්න ජනතාවට අවබෝධ කරගත හැකිවනු ඇත.

RSL

Related Posts