තායිලන්තයේ කොටි විහාරයෙන් කොටි මස් හමුවේ

Spread the love

tiger-temple-2තායිලන්ත කොටින් ඇතිදැඩි කළ බෞද්ධ විහාරස්ථානයේ තිබී දින 1ක් 2ක් වයසැති කොටි පැටවුන් 40කගේ පමණ සිරුරු සොයා ගෙන ඇතැයි වාර්තාවේ. උසාවි නියෝගයක් සමඟ සිදුකළ වැටලීමකදී ශීතාගාරවල බහා තිබූ මෙම කොටි පැටවුන්ගේ මාංශ සොයාගත් බව එරට ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇඩිසෝන් නච්ඩම්රොන්ග් පවසයි.

කාංචනාබුරි පළාතේ පිහිටි මෙම විහාරස්ථානයේ කොටි 137 දෙනෙකු සිටි අතර එයින් තිදෙනෙකු සඳුදා දිනයේදී ඉවත් කරන ලද අතර සුමානයක් තුළ සියලු කොටින් ඉවත් කිරීමේ මෙහෙයුම අවසන් කිරීමටනියමිතය. මේ සඳහා මුලින් භික්ෂූන් වහන්සේලා විරෝධය පළ කළ ද උසාවි නියෝගය හමුවේ ඔවුන්ට නිහඬවීමට සිදු විය.

‘වට් ෆා ලුඅන්ග් ටා බුආ ටයිගර් ටෙම්පල්’ ලෙස සංචාරකයන් අතර ජනප්‍රිය මෙමවිහාරස්ථානයෙන් සතුන් මුදා ගැනීම සඳහා වසර ගණනක් උත්සාහ දැරීමට සිදු වූ බව වාර්තා වේ.

මෙම විහාරස්ථානයට පැමිණෙන අමුත්තන්ට මෙම සතුන්ට කෑම බීම ලබාදීමට සහ ඒවා ඡායාරූප ගත කර ගැනීමට මුදල් ගෙවීමෙන් අවසර ලබා ගත හැකිය. මෙහි වාසය කරන භික්ෂූන් නීත්‍යානුකූල නොවන ලෙස කොටින් බෝ කිරීම සහ සත්ත්ව ජාවාරමේ යෙදෙන බවට චෝදනා එල්ල වන්නේ අද ඊයේක නොවේ. අදාළ අවසර පත් නොමැතිකම නිසා 2015 පෙබරවාරියේදී සිදු කළ වැටලීමකින් හිවලුන් කෑදැත්තන් සහ ආසියානු වලසුන් මුදා ගන්නා ලද අතර එවර විහාරස්ථානයේ කිසිදු සහයෝගයක් නොලද බැවින් උසාවි නියෝගයක් සමඟ මෙම වැටලීම සිදු කර ඇත.

RSL

Related Posts