රාජපක්ෂලා ජනතාවට ආදරේ කළ තරම පෙන්වන්න බැසිල්ගෙන් පුංචි උදාහරණයක්

Spread the love

Basil-Rajapaksaපැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ අනූහයකට (9,680,000.00) වැඩි මුදලක් ගෙවීම, මාසික විදුලි බිල මසකට ලක්ෂ විස්සක් ගෙවීම යන කරුණු මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කුප්‍රකට බැසිල් රාජපක්ෂ විසින් තම අතිසුඛෝපභෝගී මෝටර් රථය සඳහා එම ගොඩනැගිල්ලේ විශේෂ විදුලි සෝපානයක් ඉදිකර ගෙන තිබී ඇති අතර සුඛෝපභෝගී රහස් කාමර කිහිපයක්ද එහි සකසා ගෙන ඇත.

මෙතරම් විශාල මුදලක් එවැනි කටයුතු සඳහා යෙදවීමට අදාළව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබී තිබූ පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදුකරන අතර මසකට අනුහය ලක්ෂක් ඉක්ම වූ මුදලක් වසර ගණනාවක් කුලිය ලෙස ගෙවා ඇත්තේ පෞද්ගලික ගොඩනැගිලි හිමිකරුවකුට බවද අනාවරණය වී තිබේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඊට අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීම ඉදිරියේදී සිදුවනු ඇත. වේදිකා මත ‘අපේ හාමුදුරුවනේ’ කියා ගනිමින් පපුව තලා ගන්නා රාජපක්ෂලාගේ තරම දැන් දැන් ජනතාවට හොඳින් වැටහෙමින් තිබේ. මෙය බැසිල් රාජපක්ෂ අවභාවිතා කළ මහජන මුදල් වලින් හෙළි වූ අංශු මාත්‍රයකින් අංශුවක් පමණක් වනු ඇත.

RSL

Related Posts