නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ

Spread the love

Namal_and_Kappam_chamindaකු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ‍මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන නිසා මේ පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මූල්‍යඅපරාධ කොට්ඨාසය කටයුතු කර තිබිණි.

පසුගිය රජය සමයේදී ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක සේවය කරමින් වැටුප් ලබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගතව සිටි මේ සැකකරුට එරෙහිව ලැබී ඇතිපැමිණිලි ගණනාවක් සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරගෙන යයි. එම පරීක්ෂණ සිදු කරන අතරතුර මෙම රත්රන් සොයා ගැනීම සිදුවිණි.

මෙම නිවසට කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂ නිරන්තරයෙන් යන එන බවටද වාර්තාවේ. රාජපක්ෂවරුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේත් දෙමළ ජනතාව සතුවත් තිබූ රත්‍රන් සොරකම් කරන ලද බවට මීට පෙර කරුණු අනාවරණය විය.

මූල්‍ය අපරාධ කොට්ඨාසය තවදුරටත් පරීක්ෂණ සිදු කරයි.

ජායාරූප උපුටා ගැනීම: ලංකා ඊ නිව්ස්

RSL

Related Posts