තඟ දැමූ නැ’හිර මහ ඇමැති ගැන විමර්ශන වාර්තාව ජනාධිපතිට

Spread the love

Nashir-Bසාම්පූර් මධ්‍ය විද්‍යාලයේ පැවැති උත්සවයකදී නැඟෙනහිර පළාත් මහ ඇමැති හාපිස් නසීර් අහමඩ් විසින් නාවික හමුදාවේ නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආර්ච්චි මහතා පවසයි.

නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය විදුර නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී රංජිත් ප්‍රේමරත්න මහතා විසින් සංවිධාන කළ අතර මේ සඳහා ආරාධනා කර ඇත්තේ ආණ්ඩුකාරවරයාට පමණක් වන අතර එහිදී නාවික හමුදාවේ ආරාධනාවකින් තොරව උත්සවය පැවැති රැස්වීම් ශාලාවට ඇතුළු වී නැඟෙනහිර මහ ඇමැති අහමඩ් එක්වරම වේදිකාවට ගොඩවීමේ දී ඔහුව නාවික හමුදා නිලධාරියකු විසින් වළක්වා ඇත.

ඊට කිපුණු නෂීර් අහ්මද් ඉතා පහත් අන්දමින් බැණවැදුණු අතර ඒ අසල සිටි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ වචනයටවත් අවනත නොවීය. එම අවස්ථාවේ එම උත්සවයට සහභාගී වූ අමෙරිකානු තානාපති අතුල් කේශාප් මහතාද එම වේදිකාවේ විය. එහෙත් තුට්ටු දෙකේ සිපයියෙකු ලෙස හැසිරුණු මහ ඇමති නෂීර් අහ්මද් උත්සවයට සහභාගි වූ සැමගේ දෝෂදර්ශනයට සහ පිළිකුලට ලක්විය.

ආශ්‍රිත පුවත්: හමුදා නිලධාරියාට තඟ දැමූ නැ.මහඇමතිට වැඩ වරදී!

RSL

Related Posts