හම්බන්තොට වරායේ වතුර පිරවීම සහ විවෘත කිරීමේ උත්සවයේ දී රජයේ මුදල් රුපියල් ලක්ෂ එකසිය දහතුනක් අවභාවිතය කිරීම පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා නර්තන ශිල්පී චන්න විජේවර්ධන සහ මේරියන්ස් සංගීත කණ්ඩායමේ කලා ශිල්පි නලීන් පෙරේරා මෙම 27දා බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත.
පසුගියදා කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වණ්දි බට්ටයෙකු වූ ජැක්සන් ඇන්තනීද මාගම්පුරට වතුර පිරවීම වෙනුවෙන් පැවති උත්සවයේදී එහි රංගනයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20ක් ලබාගැනීම සම්බන්ධයෙන් කරුණු කීමට පැමිණ සිටියේය.
Loading...