එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

Spread the love

MR_Obamaමීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු බව ප්‍රසිද්ධ රහසකි. එසේම යාන්තමින් හෝ ලොව පිළිගත් නායකයෙකු හමු වී ජායාරූපයක් ගැනීම වෙනුවෙන් මහින්ද එම රටවල ප්‍රචාරණ සමාගම්වලට ඩොලර් මිලියන ගණන් වියදම් කළ බවද ප්‍රකටය.

එදා මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිඳු සංවිධානයක ආරාධනාවක් හෝ ඊට ශ්‍රී ලංකාව එක්කර ගැනීමක් සිදු නොවීය. ඒ වෙනුවට මහින්ද කළේ ලොව කිසිදු පිළිගැනීමක් නැති ජාවාරම්කාර ඒකාධිපති පාලකයින් ඇති මුස්ලිම් සහ අප්‍රිකානු රටවල් පසුපස යෑමත් ඔහු සමඟ ලෝක බලවතුන්ට එරෙහි කයිවාරු ගැසීමත්ය. එහෙත් අද ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම හාත් පසින්ම වෙනස්ය.

ජී-7 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායම් රාජ්‍ය නායක සමුථවේ සමගාමී සමුළුව අද (27) පෙරවරුවේ ජපානයේ ඉසේ-ශිමා නගරයේදී ආරම්භ කෙරුණු අතර ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකුට ඒ සදහා ආරාධනා ලැබුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ඊට සහභාගීවූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි ව තිබේ.

ජී- 7 සමුථවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයෙන් සමුථවට සහභාගීවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව සමුථවට සහභාගී වූ සෙසු රාජ්‍ය නායකයෝද ජනාධිපතිතුමාව ඉතා සුහදශීලි සහ උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

පළමුව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ජනාධිපතිතුමා අසුන්ගෙන සිටින ස්ථානයටම පැමිණ ජනාධිපතිතුමා වෙත සිය සුබපැතුම් පළ කළ අතර අනතුරුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය මෙන්ම ඇමරිකන් ජනාධිපති බැරැක් ඔබාමා මහතා ද ජනාධිපතිතුමා අසළට පෝලීමේ පැමිණ සිය සුභාශීංසන පළ කළහ.

ශ්‍රි ලංකාව දෙස නැවුම් මුහුණුවරකින් බලමින් ශ්‍රි ලංකාවේ ඉදිරි ගමන් මග වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව මෙහිදී එම රාජ්‍ය නායකයින් ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළ බවත් සඳහන්.

අනතුරුව ජී 7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ එම සමගාමී සමුථවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින් මෙන්ම ප්‍රධාන නියෝජිතයින් සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ද ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුථ රාජ්‍ය නායකයින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් ජනාධිපතිතුමා සමග සුහද කථා බහක නිරතවී සිටින අයුරු දක්නට ලැබිණි.

RSL

Related Posts