සි ෂෙල්ස් හා ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක්
සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙලක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස්කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. අමාත්‍යතුමා මේ බව සදහන් කලේ සි ෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය MICHAEL BENSTRONG මහතා සමග පසුගියදා පැවති සාකච්ජාවෙදිය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ …
Continue Reading
රටපුරා සයිටම් විරෝධී රැළි..!! වර්ජන රැල්ලක් අත ලඟ..
මාළඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව මේ වන විට රට පුරා විරෝධතා රැළි දියත් වෙමින් තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්විණ. සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා …
Continue Reading
කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 දින උදේ 10.45 ට පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී මහ බැංකුවේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වෙත පැමිණි බව එවකට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයා ලෙස සේවය කළ ආචාර්ය එම්. ඉසෙඩ් ආසිම් මහතා ඊයේ (02 දා) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. තමා එම …
Continue Reading
ගම්මන්පිළගේ සුදු රෙදි සුද්දෙක් උනා දමයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ව්‍යාපාර කටයුතු කිරීමේ බලය පවරමින් තමා හෝ තම බිරිය කිසිඳු අවස්ථාවක ඇටෝනි බලපත්‍රයකින් බලය නොපැවරූ බව ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කර ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේදී සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතා ඊයේ (01) කොළඹ මහාධිකරණයේදී පැවසීය. ෂෑන් ඒෂියා බැංකුව වෙත ඉදිරිපත් කර …
Continue Reading
ජනපති මෛත්‍රී ඉතිහාසය ඓතිහාසිකව වෙනස් කරයි (විශේෂ)
දේශමාමක විරුවන් දේශ දෝහීන් ලෙස නම් කරමින් ලබා දුන් වැරදි තීන්දුව නිවැරදි කිරීමේ ඓතිහාසික අවස්ථාව ලක්වාසී සියලු දෙනාට මහත් අභිමානවත් අවස්ථාවක් ලෙස සැමරිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. තිස් වසරක යුද සමයේ රට වෙනුවෙන් සටන් වැදුණු සියලු ආරක්ෂක හමුදා, පොලීසිය ඇතුළු විරුවන් දේශප්‍රේමීන් බව ද මේවැනි අනභිභවනිය අවස්ථාවක ඔවුන්ට ජාතියේ අභිමානය පිරිනැමිය යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය. …
Continue Reading
මහ බැංකුවේ පරිගණක පද්ධතියටත් හොරෙන් මිලියන 100 ක් කොල්ල කාලා (විශේෂ)
බැඳුම්කර වංචාව විමර්ශනය සදහා පත් කොට ඇති කොමිසමේ සමාජිකයින් අද ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙන්දේසිය නිරීක්ෂණය කිරීම තුළින් “බැදුම්කර මගඩියේ“ එක් අන්තයක් පිළිබදව ඔවුනට මනා අවබෝධයක් ලැබෙන්නට ඇති බව විශ්වාස කළ හැකි යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. හෙතෙම මේ බව කියා සිටියේ (01) ගාල්ලේ පැවති පුවත්පත් සාකච්ඡාවක දීය. එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද සඳහන් …
Continue Reading
වසර ගණනාවක පර්යේෂණයකින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් නව සොයා ගැනීමක්
-
RSL
-
March 1, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහළ පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනකු සමත් වූ බව විදෙස් පුවත් වාර්තා කර තිබේ. හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණයන්හි නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රංග ඩයස් විසිනි. නවීන …
Continue Reading
ජනාධිපති විශේෂ කොමිසම අද මහ බැංකු රහස් අංශයට
මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව අද (01 දා) ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි කාමරයේ (Dealer room) කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමට තීරණය කර ඇත. භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වෙන මෙම ස්‌ථානය මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තුළ පිහිටි අතිශය රහස්‍ය අංශයක් ලෙස සැලකේ. අද පෙ.ව. 8.30 ට එහි භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් ආරම්භ වන …
Continue Reading
රවි ශ්‍රීලංකන් ගුවන් සමාගමත් වෙන්දේසියේ දමයි
වත්මන් යහපාලන රජයේ කුප්‍රකට මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක ඇතුළු හතරේ කල්ලිය රාජපක්ෂලාගේ සුදු අලියෙකු වූ මිහින් ලංකා ඈවර කිරීමෙන් පසු මෙරටට හිමි එකම ගුවන් සේවයත් වෙන්දේසියේ දමා බන්දේසියක තබා විකුණා දැමීමට සැරසෙන බවට අනාවරණයවේ. ශ්‍රි ලංකන් ගුවන් සමාගම විකිණීම සඳහා වැඩිම ඉල්ලුමක් සහිත ඉල්ලුම්කරුවන්ගෙන් ලංසු කැඳවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. …
Continue Reading
වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරු මාරු කරයි
-
RSL
-
February 28, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී වෙනත් වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත අමාත්‍යවරයා අදාළ නියෝගය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කරයි. විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් …
Continue Reading