වසර ගණනාවක පර්යේෂණයකින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් නව සොයා ගැනීමක්

Spread the love

මෙතෙක් වායුවක් ලෙසින් පමණක් හඳුනාගෙන සිටි හයිඩ්‍රජන්, ඉතාමත් ඉහළ පීඩනයක් යටතේ ලෝහයක් බවට පත්කිරීමට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් දෙදෙනකු සමත් වූ බව විදෙස් පුවත් වාර්තා කර තිබේ. හයිඩ්‍රජන් ලෝහය පිළිබඳව වසර හතලිස් පහක් පමණ පර්යේෂණයන්හි නිරතව සිටින හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අයිසැක් සිල්වේරා ගේ මගපෙන්වීම යටතේ මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රංග ඩයස් විසිනි.

නවීන විද්‍යාවේ විප්ලවයක් ලෙසින් විද්‍යාඥයන් හඳුන්වන, හයිඩ්‍රජන් ලෝහය සොයා ගැනීම මගින්තුළින් බලශක්ති ක්ෂේත්‍රයේ, ප්‍රවාහන ක්ෂේත්‍රයේ මෙන්ම අභ්‍යවකාශ තරණයේ පවා විප්ලවයක් කිරීමට හැකිවනු ඇති බව විද්‍යාඥයෝ බලාපොරොත්තු පළකරති.

හයිඩ්‍රජන් ලෝහයක් බවට පත්කළ හැකි බව මීට වසර අසූවකට පමණ ඉහත දී පවා විද්‍යාඥයන් දැන සිටියත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගුණු පළමු වතාව මෙය වේ.

අධික පීඩනයක් තුළ මූල ද්‍රව්‍ය හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේදී සිය ආචාර්ය උපාධිය හැදෑරූ ආචාර්ය ඩයස්, මහාචාර්ය සිල්වේරාගේ පර්යේෂණයට සම්බන්ධ වී ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය. හයිඩ්‍රජන් ලෝහය නිෂ්පාදනය කිරීම සම්බන්ධ පර්යේෂණ වල තව දුරටත් නිරත වීම සිය අභිලාශය බව ශ්‍රී ලාංකික විද්‍යාඥයා සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ති‍බේ.

බී.බී.සී

RSL

Related Posts