වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරු මාරු කරයි

Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර රෝහලේ සියලු වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදී වෙනත් වෛද්‍යවරුන් එම රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත අමාත්‍යවරයා අදාළ නියෝගය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාශය සඳහන් කරයි.

විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා එහි වෛද්‍යවරුන්ගේ සහය ලැබෙන බවට චෝදනා එල්ල වී ඇත. මරණ දඬුවම හිමි වූ කුප්‍රකට දුමින්ද සිල්වාට බන්ධනාගාර රෝහලේ විශේෂ රැකවරණය ලැබෙන බවට වූ අනාවරණය ඉන් ප්‍රධානය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ සිද්ධියට අදාළ වෛද්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය පරික්ෂණයක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර රෝහලෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

මේ අතර බන්ධනාගාර රෝහලේ සේවය කරන බොහෝ වෛද්‍යවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එම රෝහලේ සේවය කරන අතර ඔවුන්ට ස්ථාන මාරු ලබාදීමට අවශ්‍ය ක්‍රිපටිපාටිය මේ වන විට සකස් කරමින් පවතින බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

RSL

Related Posts