සි ෂෙල්ස් හා ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Spread the love

සි ෂෙල්ස් රටේ ධීවර කර්මාන්තය සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් රජයේ මැදිහත්වීමෙන් විධීමත් වැඩපිළිවෙලක් යටතේ යැවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සකස්කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

අමාත්‍යතුමා මේ බව සදහන් කලේ සි ෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය MICHAEL BENSTRONG මහතා සමග පසුගියදා පැවති සාකච්ජාවෙදිය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණ .

මෙම අවස්ථාවට සී සෙල්ස් රාජ්‍යයේ මහ කොමසාරිස් David Pierre මහතා ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා, රාජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදේශක අයේෂ් රණවක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .

සිෂෙල්ස් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ තම රටේ ධීවර කර්මාන්තය සදහා ශ්‍රමිකයින් අවශ්‍ය බවය . ඊට අමතරව ධීවර යාත්‍රා ද අවශ්‍ය බවත් ඒ සදහා ශ්‍රී ලංකාවට අවස්ථාව ඇතැයි පෙන්වා දුන්නේය.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ජාව දෙරටේ ධීවර කර්මාන්තයට බෙහෙවින් ඉවහල් කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබද වඩාත් පුළුල්ව අවධානය යොමු කිරීමට හැකිවූ බවත් සි ෂෙල්ෆ් ධීවර හා කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

ඔහු සදහන් කලේ රාජ්‍ය අමාත්‍යතුමා විසින් ක්‍රියාත්මක කිරීමට වෙරදරන නිල් ආර්ථික වැඩපිළිවෙල ඉතා ප්‍රශංසනීය බවය .

එම නිල් ආර්ථික වැඩපිළිවෙල සි ෂෙල්ස් රටේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන මේ වන විට වසර තුනක් පමණ වන බවද එරට ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

මෙහිදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසුවේ නව ධීවර තාක්‍ෂණ විද්‍යාල දෙකක් පිහිටුවා වෘර්තීය මට්ටමේ ධීවරයින් බිහිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවත් , කොරියාවේ සහය ලබා ගනිමින් ඒ සියළු ධීවර කාර්මිකයන්ට පුහුණුවේදී නව තාක්‍ෂණය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව ධීවර කර්මාන්තයේ නිරතවීම පිළිබද වැඩි අවධානය යොමුකරණ බවත් පැවසීය.

ඒ අනුව දෙරට ඇතිකරගන්නා නිවැරදි වැඩපිළිවෙලක් යටතේ මනා පුහුණුවක් ලද ධීවර කාර්මිකයන් සි ෂෙල්ස් රටේ රැකියා සදහා යොමුකිරීමට පියවර ගන්නා බව සදහන් කල රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා එරටට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල ධීවර යාත්‍රා නිපදවා ලබාදීමේ වැඩපිළිවෙල ද කඩිනමින් ක්‍රියාත්මක කරණ බව පැවසීය.

දෙරට අතර ඇතිකරගත් සුහදතාව තව තවත් වර්ධනය කර ගනිමින් මනා අවබෝධයක් හා නිවැරදි වැඩපිළිවෙලක් යටතේ දෙරටේ ධීවර කර්මාන්තය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට දෙරටම එකගත්වයකට පැමිණියහ.

ඒ වගේම සි ෂෙල්ස් තරුනයන්ට නාවික ඉංජිනේරු පිළිබද පුහුණුවක් ලංකාවේ දී ලබා දීමේ වැඩපිළිවෙලක් සැකසීමටද මෙහිදී එකගත්වයකට පැමිණියහ.

RSL

Related Posts