ඇමැතිකම් අත්හැර ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් සූදානමක!

Spread the love

ජනාධිපතිගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන වෙන්වූ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැවත සම්බන්ධ වන්නේ නම් සිය ඇමැති ධුරවලින් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ රජයක් පිහිටුවීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.

පක්‍ෂය දෙකඩ වී කඹ ඇදිල්ලක නිරතව සිටින මොහොතක මැතිවරණයකට යෑමෙන් එක්සත් ජාතික පක්‍ෂයට බලය ලබාදීමට ඇතැම් පිරිස් උත්සාහ ගන්නා නිසා ශ්‍රීලනිපයේ නාමයෙන් තමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සිය තනතුරුවලින් ඉවත්ව ඔවුන් සමඟ එක්වන බව ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා පැවැසීය.

පළමුව පක්‍ෂය බේරාගත යුතු බවත් දෙවනුව තනතුරු ගැන සිතිය යුතු බවත් පැවැසූ ඇමැතිවරයා සම්මුතියක් සඳහා මෙතෙක් ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ නිසා මේ තීරණය ගන්නා බවද සඳහන් කෙළේය.

RSL

Related Posts