රටපුරා සයිටම් විරෝධී රැළි..!! වර්ජන රැල්ලක් අත ලඟ..

Spread the love

මාළඹේ කුප්‍රකට සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව මේ වන විට රට පුරා විරෝධතා රැළි දියත් වෙමින් තිබේ. සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නායකත්වයෙන් ඊයේ (01) රත්නපුර නගරයේදී විරෝධතා පා ගමනක් හා රැලියක් පැවැත්විණ.

සබරගමුව පළාතේ වෛද්‍යවරුන්ගේ වර්ජනයට සමගාමීව මෙම විරෝධතා පා ගමන හා රැලිය රත්නපුර නගරයේදී පැවැත්වූ අතර ඊට මහා සංඝරත්නය, වෛද්‍යවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්, ශිෂ්‍ය සංගම් නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මහ වැසි මැද රත්නපුර රෝහල් හංදියේ සිට විරෝධතා පා ගමනින් සීවලී ක්‍රීඩාංගනය අසලට පැමිණියහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් එහිදී අදහස් දක්වමින් පැවසූවේ සයිටම් හොර උපාධි කඩය හකුළා ගන්නා තුරු අඛණ්ඩව මෙම විරෝධතා ඉදිරියට රැගෙන යන බවයි.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු අද (03) පෙරවරුවේ වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට අමතරව අද පස්වරු 1.00ට කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් සයිටම් විරෝධී පාගමනක් ආරම්භ වීමට නියමිත අතර විහාර මහාදේවී එළිමහන් රංග පීඨය අසලදී රැලියක් පැවැත්වීමට නියමිතය.

RSL

Related Posts