හමුදාව කීරමලෙන් රජ මැදුරකට!

කීරමලේ යනු හින්දු ජනතාවගේ පූජනීය ස්ථානයකි. ලංකාවෙ විශාලත ම ශිව ලිංගය සහිත ශිව දෙවොළ පිහිටා ඇත්තේ මෙහි ය. එමෙන් ම මෙහි ඇති පොකුණු ප්‍රසිද්ධව ඇත්තේ දරුඵල නැති කාන්තාවන්ට ආශිර්වාදය දෙන තැන් ලෙස ය. එල්.ටී.ටී.ඊ පාලන සමය තුළ මේවා පොදු ජනතාව සඳහා විවෘතව නොතිබි බව සඳහන් වේ. පසුව හමුදාව එහි නවතැන් ගෙන සිටි අතර දැන් හමුදාව ඉන් ඉවත් වන බව දැනගන්නට …

Continue Reading

තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග!

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය මෙරට දේශපාලනය තුළ බරපතල කැළඹීම් ඇති කළ සිදුවීමකි. මැතිවරණ කාලවල දී පමණක් මෙය මතු කොට දේශපාලන වාසි ලබා ගන්නේ යැ යි යහපාලන රජයට නිතර චෝදනා එල්ල වි ය. කෙසේ වෙතත් මෙය රිය අනතුරක් ලෙස යටපත් කරනු ලැබූව ද මෙය මිනීමැරුමක් බව පසුව තහවුරු විය. රාජපක්ෂ පවුලට මූලිකව ම චෝදනා එල්ල වුණු මෙම සිද්ධියට මහින්ද රාජපක්ෂගේ …

Continue Reading

මුදල් ඇමැති/ව්‍යාපාරික රවි රේගුව විනාශ කරයි?

වත්මන් රජයේ මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලපය හේතුවෙන් රටට සිදුවන බරපතල මූල්‍ය පාඩු සහ නොකටයුතු පිළිබඳව රේගු නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. වත්මන් රජයේ බරපතල ම ආචාරධාර්මික නොවන ඇමැති ධුරය හිමි ව්‍යාපාරික මුදල් ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දු නිසා යහපාලනය රෙද්ද අස්සෙන් බේරුණු අවස්ථා කිහිපයක් අපි රීඩ් ශ්‍රී ලංකා තුළින් දිගින් දිගට ම වාර්තා කළෙමු. සිද්ධ වුණු දෙයක් නම් නැත ද …

Continue Reading

මහ බැංකු අධිපති අද කෝප් කමිටුව හමුවට!

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මහ බැංකු අධිපතිවරයා අද (25) දින පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වෙත කැඳවා ඇතැයි වාර්තා වෙයි. යහපාලන රජය යටතේ මහ බැංකු අධිපතිවරයා බවට පත් වූ අර්ජුන් මහේන්ද්‍රන් මේ චෝදනාවට ලක් වූ අතර ඔහුගේ පුත්‍රයාට අයත් සමාගමක් ද මේ හා සම්බන්ධ බව කියවිණි. වත්මන් කෝප් කමිටුවේ සභාපතිත්වය දරන්නේ, …

Continue Reading

ඉන්දියාවෙන් ලැබෙන ගිලන්රථ ගැන සැකයක්?

ඉන්දියාව හා අත්සන් කරන්නට වලිකන භාණ්ඩ හා සේවා ගිවිසුම නිසාවෙන් රටෙහි මතුව ඇත්තේ යම් කිසි ඉන්දියානු විරෝධී මතවාදයකි. භාණ්ඩ හා සේවා ගිවිසුමක් යනු ගෝලීයකරණ යුගයක සරල දෙයක් නොවේ. කිසිදු රටක් අනුන්ගේ වාසියට ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අජිත් පී. පෙරේරා වැනි ඇමැතිවරුන් මාධ්‍ය ඉස්සරහට වී කියන්නේ, ඉන්දියානු සිනමාව/ගීත හොඳනම් ගිවිසුම නරක ද කියා ය. මේවා අන්තිම ගොං පාට් කතා ය. මේ …

Continue Reading

සාධු වාචාය සංවරෝ!

සිංහයෙක් සේ රක්ෂිත බන්ධනාගාරය ඇතුළට ගිය ඥානසාර හිමි මීයෙක් සේ එළියට ආවේ ය. එසේ පැමිණ පැවසුවේ “සාධු වාචාය සංවරෝ” යන බුදු වදන කවුරුත් හිතට ගත යුතු බව යි. මෙහි ඇති බරපතල ම ඛේදවාචකය නම් භික්ෂුවකට බුදු වදන සිහිවෙන්නට බන්ධනාගාරගත විය යුතු වීම ය. කෙසේ වෙතත් එසේ හෝ බුදු වදන මතක් වන්නේ නම් සතුටකි. එහි දී ඥානසාර හිමි පවසනු ලැබූ ගාථා …

Continue Reading

තිලංග සුමතිපාල අර්බුදයක..?

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනතුරට පත් ව ඇතැයි කියමින් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැ යි වාර්තා වේ. අප දිගින් දිගට ම පැවසූ පරිදි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ කිසිවෙක් මේ තනතුරු සඳහා සුදුස්සන් නොවේ. අනෙක් අතට අර්ජුන රණතුංගලා ක්‍රිකට් නිල-තල ලබා ගැනීමට බොහෝ අකටයුතු …

Continue Reading

එට්කා (ETCA) ගිවිසුමට දැවැන්ත විරෝධයක්!

ජනතා මතයකට කිසිදු අයුරකින් කන් නොදෙමින් අතිශය අධිපතිවාදී සහ අත්තනෝමතික ලෙස අගමැතිවරයා ම පෙරටුව සිට ගනිමින් අත්සන් කරන්නට සූදානම් වන, එට්කා ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය වෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලංකාව පුරා ඇති බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක් පෙරමුණකට ගොනු කිරීමේ කටයුත්තට නායකත්වය දීමට ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය තීරණය කර ඇත. මෙසේ සියලු පෙරමුණු එක්කර …

Continue Reading

හිටපු ජනපති මහින්ද කතරගම යයි

දැන ගියොත් කතරගම යනුවෙන් කතාවක් තිබේ. මේ දිනවල මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා දැනගෙන ගිය එක ම ගමන ලෙස මේ කතරගම යෑම දැක්විය හැකි ය. විමල් වීරවංශලා, ගම්මන්පිළලා මහින්දව ගෙන යන්නට තතනන මාවතක් තිබේ. කෙසේ වෙතත් ඒ මාවතේ කෙළවර ඇතැයි කියා සිතා සිටි පක්ෂය කිසිදා නිර්මාණය වෙන්නක් නොවන බව දැන් ආරංචි ලැබෙයි. ඒ ගැන අපි පසුවට ලියන්නෙමු. මේ මහින්ද රාජපක්ෂ දණ්ඩ නමස්කාරයෙන් …

Continue Reading

උපාසක කරු ගැන නරක කතාවක්!

කරු ජයසූරිය වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ය. උපාසක පෙනුමකි. සැර-වැර-මැර පෙනුමට නැති ය. පෙනුමෙන් මහත්මා දේශපාලකයෙක් සේ ය. එහෙත් උපාසක බළල්ලු මීයන් දෙදෙනා බැගින් අල්ලනවා යැයි ජනවහරේ කියන්නාක් මෙන් ආරංචියක් අප වෙත ලැබී තිබේ. ඒ නම්, කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ සැලැසුම් වෙනස් කිරීමක් ගැන ය. කතානායක කරු ජයසූරියගේ නිවස බේරා ගැනීම සඳහා අධිවේගී මාර්ගයේ සැලැසුම වෙනස් කර ඇති බවත් නව සැලැසුම නිසාවෙන් …

Continue Reading