එට්කා (ETCA) ගිවිසුමට දැවැන්ත විරෝධයක්!

Spread the love

etca 2

ජනතා මතයකට කිසිදු අයුරකින් කන් නොදෙමින් අතිශය අධිපතිවාදී සහ අත්තනෝමතික ලෙස අගමැතිවරයා ම පෙරටුව සිට ගනිමින් අත්සන් කරන්නට සූදානම් වන, එට්කා ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය වෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.

ලංකාව පුරා ඇති බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක් පෙරමුණකට ගොනු කිරීමේ කටයුත්තට නායකත්වය දීමට ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය තීරණය කර ඇත. මෙසේ සියලු පෙරමුණු එක්කර රජයේ මේ වැඩපිළිවෙලට දැවැන්ත විරෝධයක් දක්වන්නට සූදානම් වෙන බව එම පෙරමුණේ ප්‍රකාශකයෙක් අප ප්‍රවෘත්ති අංශය වෙත දන්වා සිටියේ ය.

ජනතා විමුක්ති පෙරමුණ ද මෙම ගිවිසුම සම්බන්ධයෙන් බරපතල විරෝධයක් දක්වන අතර මෙය සම්මත කර ගැනීමට එරෙහිව සියලු ක්‍රියාමාර්ග ගන්නා බව බව පවසා ඇත.

RSL

Related Posts