හමුදාව කීරමලෙන් රජ මැදුරකට!

Spread the love

keera

කීරමලේ යනු හින්දු ජනතාවගේ පූජනීය ස්ථානයකි. ලංකාවෙ විශාලත ම ශිව ලිංගය සහිත ශිව දෙවොළ පිහිටා ඇත්තේ මෙහි ය. එමෙන් ම මෙහි ඇති පොකුණු ප්‍රසිද්ධව ඇත්තේ දරුඵල නැති කාන්තාවන්ට ආශිර්වාදය දෙන තැන් ලෙස ය. එල්.ටී.ටී.ඊ පාලන සමය තුළ මේවා පොදු ජනතාව සඳහා විවෘතව නොතිබි බව සඳහන් වේ. පසුව හමුදාව එහි නවතැන් ගෙන සිටි අතර දැන් හමුදාව ඉන් ඉවත් වන බව දැනගන්නට ඇත. උතුරේ සිවිල් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීමෙහිලා, යුධ හමුදාව ජනතාව කෙරෙන් දුරස් වීම කළ යුතු දෙයකි.

කීරමලෙන් ඉවත්වන හමුදාව මහින්ද රාජපක්ෂ සමයේ ඉදිවුණු මන්දිරය වෙත යනු ඇතැ යි දැනගන්නට ඇත. ළහි ළහියේ මහින්ද රාජපක්ෂ ජනපති විසින් ඉදි කළ මෙය කෝටි 200ක් පමණ වැය කළ බව මාධ්‍ය එවක වාර්තා කළේ ය. මාධ්‍ය වලින් සහ රටේ විවිධ කණ්ඩායම් විසින් මේ ගැන කතාව අරඹද්දී මහින්ද පැවසුවේ මෙය ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයක් බව යි. හම්බන්තොට ද එවැන්නක් ඉදි කෙරුණු අතර ඒ අනුව බලන කල්හි මෙරට ජාත්‍යන්තර සම්මේලන පවත්වන තැනක පමණක් විය යුතු බව හැඟී යයි.

RSL

Related Posts