“රනිල් මහලොකු චණ්ඩියෙක් නොවෙයි!”

Spread the love

lal kantha

මහින්ද රාජපක්ෂ ලොකු චණ්ඩියෙක් ලෙස හැසිරුණු බවත්, ඔහු සමඟ තවත් මහ චණ්ඩි පිරිසක් සිටි බවත් ඔවුන් ව ගෙදර යැවූ ජනතාවට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ චණ්ඩියෙක් නොවන බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවිරෝධීව හැසිරෙන්නේ නම් ඔවුන්ව ගෙදර යැවීමට ජනතාව පසුබට නොවනු ඇති බවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත පැවසුවේ ය.

එට්කා හෙවත් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට යන භාණ්ඩ හා සේවා ගිවිසුම කුමන විරෝධයක් ආවත් අත්සන් කරන බවට අගමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි, ඔහු මෙසේ කියා සිටියේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සිය වර්තමාන හැසිරීම තුළින් පෙන්වමින් සිටින්නේ තමා පොරවාගෙන සිටි ලිබරල් බැටළු හමට යටින් ඇත්තේ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් බව යි. කෙසේ වෙතත්, කිසිදා ගෙදර යන්නට නොසිතූ මහින්දලා ගෙදර යැවු ජනතාවට රනිල් වික්‍රමසිංහලා කජ්ජක් නොවන බව ලියා තැබිය යුතු ය.

RSL

Related Posts