Blue Mountain වෙතින් රාජගිරිය – මාදින්නාගොඩ අනගි ඉඩම් ව්‍යාපෘතියක්!

Spread the love

Blue Mountain Antharaමෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම විසින් කොළඹ නගරාසන්නයේ අග්‍රගන්‍ය ඉඩම් ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබේ. කොළඹට ඉතා කෙටි කාලයක් තුළ පහසුවෙන් ළඟා විය හැකි දුරකින් පිහිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදෙශයේ පිහිටා ඇති මෙම වටිනා ඉඩම් කොටස් ඔබගේ කාර්යබහුල ජීවිතය පහසුකිරීමට සහයක් වන බව නිසැකව ම සඳහන් කළ හැක.

ඉතා සුන්දර පරිසරයක සුඛෝපභෝගී ලෙස ඔබේ නිවස තනා ගැනීමට අගනා බිම් කැබලි Blue Mountain ‘’අන්තරා’’ ඉඩම් ව්‍යාපෘතියෙන් ඔබට ලබා ගත හැක.සුවිසල් තාප්ප වලින් වටවුනු මෙම ඉඩම් ව්‍යාපෘතියේ ඔබ සඳහා ආරක්ෂක සේවාව පැය 24 තුල මනා ලෙස ක්‍රියාත්මක අතර, ඔබේ දරුවන් සඳහා විශේෂිත වූ ළමා උද්‍යානයකින් ද මෙය සමන්විතවේ.

නිවාස සහ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ගෙන දුන් Blue Mountain සමාගමේ තවත් අග්‍රගන්‍ය සුඛෝපභෝගී ව්‍යාපෘතියක් වන “අන්තරා”හි ඉඩ කඩ වෙන් වන්නේ තවත් සිමීත පාරිභෝගිකයන් පිරිසකට පමණි. එම සුවිශේෂී පුද්ගලයින් අතරට ඔබත් එක්වීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා දැන්ම අමතන්න. දුරකථන 011-2 51 52 53

RSL

Related Posts