නාමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Spread the love

Namal Fcid

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේ ය. රිය අනතුරක් මෙන් මවා පාන ලද මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පසුව තහවුරු විය.

මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනපති දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නුදුරු දිනයක රහස් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇතැයි වාර්තා වෙයි. ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර සිටින්නේ, නාමල් සමඟ හිටපු ජනපති චිර කාලීන ආරක්ෂක කැප්ටන් තිස්ස නමැත්තා ද අත්අඩංගුවට පත් වනු ඇති බව යි. එව‍ක රටේ ඉහළ ම තැනක භාවිතයට තිබු දුරකතනයකින්, තාජුඩීන් ඝාතන අවස්ථාවේ සහ ඊට පසුව කැප්ටන් තිස්ස සමඟ දීර්ඝ දුරකතන සංවාද තංගල්ල ප්‍රදේශයේ සිට සිදු කර තිබෙන බව පැවසෙයි.

මේ සිදුවීමට අදාළව ම හිටපු නි.පොලිස්පති අනුර සේනානායක සහ තවත් කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගන්නා බව තව දුරටත් වාර්තා වෙයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දුරට හෙළිදරවු කරගෙන ඇති වුවත් මේ අත්අඩංගුවට ගැනීම් පවා දේශපාලන පලිගැනීම් ලෙස හුවා දක්වන බවට නම් සැකයක් නැත.

RSL

Related Posts