තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න නියෝග!

Spread the love

Wasim-Thajudeen

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය මෙරට දේශපාලනය තුළ බරපතල කැළඹීම් ඇති කළ සිදුවීමකි. මැතිවරණ කාලවල දී පමණක් මෙය මතු කොට දේශපාලන වාසි ලබා ගන්නේ යැ යි යහපාලන රජයට නිතර චෝදනා එල්ල වි ය.

කෙසේ වෙතත් මෙය රිය අනතුරක් ලෙස යටපත් කරනු ලැබූව ද මෙය මිනීමැරුමක් බව පසුව තහවුරු විය. රාජපක්ෂ පවුලට මූලිකව ම චෝදනා එල්ල වුණු මෙම සිද්ධියට මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වන මේජර් තිස්ස නැමැත්තා ද සම්බන්ධ බව චෝදනා එල්ල විය.

අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේ මේ සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

RSL

Related Posts