ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාලව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනතුරට පත් ව ඇතැයි කියමින් වරාය ඇමැති අර්ජුන රණතුංග විසින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි කර ඇතැ යි වාර්තා වේ.
අප දිගින් දිගට ම පැවසූ පරිදි ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ කිසිවෙක් මේ තනතුරු සඳහා සුදුස්සන් නොවේ. අනෙක් අතට අර්ජුන රණතුංගලා ක්‍රිකට් නිල-තල ලබා ගැනීමට බොහෝ අකටයුතු කළ බවත්, ඒ නිසාවෙන් වෙන පළිගැනීම් තවදුරටත් වන බවත් රහසක් නොවේ.
ක්‍රීඩා පණත අනුව සූදු ක්‍රීඩාවට සම්බන්ධයක් ඇති තිලංග සුමතිපාල කිසිසේත් ම මේ ධුරයට සුදුසු නොවේ.
පෙර කියන ලද සාකච්ඡාවට දයාසිරි ජයසේකර ඇමැතිවරයා ද සහභාගි වී ඇති අතර සිදුවන්නේ කුමක්දැ යි අනාගතයේ දී බලාගත හැකි වනු ඇත.
Loading...