සබීතා දිනුම්!
කෘෂිකර්ම අමාත්‍යංශය වෙනුවෙන් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලක් අධිකතර කුලී මුදලකට යටත් ව ලබා ගන්නට යන බව අපි මෙයට පෙර වාර්තා කළෙමු. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සහ විරෝධයන් පැන නැංග ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න අැමැතිවරයා පවසන්නේ, අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබුණු බව යි. මාසිකව මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑපන්ලක්ෂයක් හෙවත් කෝටි දෙකකට …
Continue Reading
ෆෙඩරල් ගැන ජනපති කියයි!
තමිල්නාඩු මහඇමැතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව ගැනත්, ෆෙඩරල් විසඳුමක් ගැනත් පසුගිය දා කතා කළා ය. එමෙන් ම ද්‍රවිඩ ජාතික සන්ධානය ද විවිධ ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණි. එයට අමතරව, උතුරු පළාත් සභාව ෆෙඩරල් විසඳුමක් ඉල්ලා යෝජනාවක් ද සම්මත කරගත්තේ ය. මේ කරුණු-කාරණා සමපාත වීමෙන් එල්ලෙන්න වැල් නැතිව සිටි ජාතිවාදී කඳවුරට සටන් පාඨ කිහිපයක් ලැබුණු අතර විමල් වීරවංශ වැනි …
Continue Reading
දුමින්ද සිල්වාට අමතකවීමේ රෝගය යළිත් මතුවෙයි!
හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මෙරට ප්‍රකට වූයේ ඔහුට භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසු ව හටගත් අමතක වීමේ භයානක රෝගය නිසා ය. එම රෝගය ඊයේ දිනයේ නැවත මතු වුණ බව අප වෙත වාර්තා වූයේ, ඊයේ අධිකරණ ප්‍රවෘත්ති වාර්තා කරන්නට ගිය අප වාර්තාකරුවාගෙනි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩු විභාගය ඊයේ (26) විභාගයට ගැනෙමින් …
Continue Reading
විමල් සහ ගම්මන්පිල ඉවරයි!
ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා පිරිසේ ප්‍රධානත ම දෙබාන වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට යන එන මං නැති ව ගොස් ඇතැ යි වාර්තා වෙයි. ජාතිවාදය උත්කර්ෂයට නංවමින් මහින්ද රාජපක්ෂ හරහා තම බල සිහිනය සැබෑ කරගන්නට උත්සාහ දැරූ මේ පිරිස, දැන් තිරයෙන් පිටුපසට විසි වී ඇතැ යි දැනගන්නට ඇත. එයට හේතුව වී ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙත බැසිල් රාජපක්ෂගේ ආගමනය යි. විමල් …
Continue Reading
අර්ජුන වරායේ සේවකයන්ට බෝනස් වෙනුවට මෝදක බෙදයි!
අර්ජුන රණතුංග ආණ්ඩුව පත් වූ විගස ම නව ආණ්ඩුවේ කිරි කලයට ගොම එක් කළ ඇමැතිවරයා ය. ඥාති සංග්‍රහය විවේචනය කරමින් බලයට පැමිණි අර්ජුන සිය සොයුරාව වරාය සභාපති කර වැඩ පටන්ගත්තේ ය. මුල පටන් ම වරාය තුළ අර්ජුනගේ ක්‍රියාකලාපයට වූයේ බරපතල විරෝධයකි. අවුරුදු සමය ආසන්නයේ අවුරුදු දීමනා ආදිය කපා හරින ලදැයි ද, ඇමැති සහ සොයුරු නිශාන්ත සභාපති ඉවත් විය යුතු යැ …
Continue Reading
ශ්‍රී ලංකන් එයාර් ණය බෝම්බය නිෂ්ක්‍රීය කෙරෙයි!
-
RSL
-
April 27, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව හෙළිකරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. රටේ ආර්ථිකයේ කොන්ද බිඳ දැමීමට තරම්වන බිලියන 490ක පමණ ණය බරක් ඇති ශ්‍රී ලන්කන් එයාර් සම්බන්ධයෙන් වහා පියවරක් ගත යුතු ව තිබුණි. අප වෙබ් අඩවියෙන් ද අවස්ථා කිහිපයක දී …
Continue Reading
ෆොන්සේකාට පාර්ලිමේන්තුව අහිමිවෙයි ද?
-
RSL
-
April 26, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව පත් කිරීමට එරෙහි ව එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එක ම කරුණ අරබයා වුව ද මේ පෙත්සම් දෙක දෙතැනකින් ඉදිරිපත් වී ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පාක්‍යසෝති සරවනමුත්තු සහ විශ්‍රාමික හමුදාපතිවරයෙක් මේ පෙත්සම් දෙක …
Continue Reading
මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි
පසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම මහින්ද මස්සිනා වන අයවලෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මෙම උදයංග වීරතුංග නැමැත්තාව රුසියාවේ තානාපති ලෙස පත්කරන ලද අතර එම රාජත්‍රාන්තික …
Continue Reading
සීගිරිය අවට විනාශයට සජිත් සහ අකිල උඩගෙඩි දෙති!
-
RSL
-
April 26, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සීගිරිය පුරා විද්‍යා ප්‍රේරණ කලාපයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව මධ්‍යම පළාත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය කටයුතු කිරීමේ දී ඊනියා යහපාලන ඇමැතිවරවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අකිල විරාජ් විසින් එයට බාධා කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙයි. අදාළ කලාපයේ මෑත දිනයක අනවසර ඉදිකිරීමක් සිදු කරද්දී එම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර නොගැනීමට ද බලපෑම් කර ඇතැ …
Continue Reading
ෆෙඩරල් ගැන කතා බැහැ – ශ්‍රී.ල.නි.ප. කියයි!
-
RSL
-
April 26, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
h ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් උදෙසා ෆෙඩරල් විසඳුමක් පිළිබඳ අවශ්‍යතාවක් ඇතැ යි කතා බහක් යම් යම් තැන්වල මේ දිනවල මතු වෙමින් ඇත. දෙමළ ජනතාව වැඩි වශයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් සිටින එපමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය මේ ගැන අදහස් පළ කර තිබුණු අතර එය විවිධ විවේචනයට සේ ම මතභේදයට ද ලක් …
Continue Reading