ශ්‍රී ලංකන් එයාර් ණය බෝම්බය නිෂ්ක්‍රීය කෙරෙයි!

Spread the love

srilankan_airlines[1]

ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවය හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව හෙළිකරනු ලැබුවේ අගමැතිවරයා විසිනි.

රටේ ආර්ථිකයේ කොන්ද බිඳ දැමීමට තරම්වන බිලියන 490ක පමණ ණය බරක් ඇති ශ්‍රී ලන්කන් එයාර් සම්බන්ධයෙන් වහා පියවරක් ගත යුතු ව තිබුණි. අප වෙබ් අඩවියෙන් ද අවස්ථා කිහිපයක දී මතු කෙරුණු පරිදි එමිරේට්ස් ආයතනයෙන් නැවත මහින්ද රෙජිමය විසින් පවරා ගනිද්දී මෙම ආයතනය තිබුණේ ලාබ ලබන මට්ටමේ ය. මහින්ද රාජපක්ෂගේ ඥාති සංග්‍රහයට අනුව කුප්‍රකට නාකි මනමාලයෙකු වන නිශාන්ත වික්‍රමසිංහ මස්සිනා විසින් සභාපතිකම් කර රටේ අභිමානය බිලියන ගණනක ණයක් දක්වා ගෙනැවිත් තිබේ.

අගමැතිවරයා මේ තීරණය දැනුම් දෙමින් පැවසුවේ ශ්‍රී ලංකන් එයාර් බෝම්බය නිෂ්ක්‍රිය කරන්නට කටයුතු කළ බව ය. ආයතනය සම්පූර්ණයෙන් විකුණා නොදමා හවුල් ව්‍යාපාරයක් ලෙස ගෙනයන්නට ගත් තීරණය හොඳ එකකි. එසේ ම රටට පාඩු නොවෙන ආකාරයට මේ කටයුත්තේ දී ගිවිසුම්ගත වීමට හැක්කේ නම් එය තවත් හොඳ වනු ඇත.

RSL

Related Posts