ෆොන්සේකාට පාර්ලිමේන්තුව අහිමිවෙයි ද?

Spread the love

Sarath-Fonseka-Democratic-party-DP

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව පත් කිරීමට එරෙහි ව එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් ව ඇති පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එක ම කරුණ අරබයා වුව ද මේ පෙත්සම් දෙක දෙතැනකින් ඉදිරිපත් වී ඇත. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පාක්‍යසෝති සරවනමුත්තු සහ විශ්‍රාමික හමුදාපතිවරයෙක් මේ පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.

එකම කරුණක් පිළිබඳව බැවින් මේ පෙත්සම් දෙක ම එක විට විභාගයට ගැනීමට කටයුතු කෙරෙනු ඇත. හෙට එය පළමුවරට කැඳවන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවුණු එසේ ම එම පක්ෂයෙන් මැතිවරණයට තරඟ නොකළ, ෆොන්සේකා පාර්ලිමේන්තුවට පත් කිරීම නීතිවිරෝධී බව එම පෙත්සම්වල සඳහන් වෙන අතර එක්‌සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් කබීර් හෂීම්, ගාර්ඩිහේවා සරත් ෆොන්සේකා, මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය, කොමිසමේ සාමාජිකයන් සහ නීතිපති යන අය වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ලක්ෂ සිය ගණනක වාහනයක් නැතිව තමාට ජනතා සේවය කළ නොහැකි බව කියමින් පසුගිය දා සරත් ෆොන්සේකා පිනට ඇමැතිවරයා රට්ටු හිනැස්සුවේ ය.

RSL

Related Posts