මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි

Spread the love

Mara-thailandපසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම මහින්ද මස්සිනා වන අයවලෙකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මෙම උදයංග වීරතුංග නැමැත්තාව රුසියාවේ තානාපති ලෙස පත්කරන ලද අතර එම රාජත්‍රාන්තික පදවිය උපයෝගී කරගනිමින් මොහු යුක් රේනයේ යුද්ධයට යුක් රේන රජයේ හමුදාවන්ට එරෙහිව ත්‍රස්තවාදීන්ට අවි ආයුධ විකුණා ඇත. එය සිදුකර ඇත්තේ තවත් ත්‍රස්ත අවි ජාවාරම් කරුවන් සමඟ එක්ව වන අතර ඊට හිටපු ආරක්ෂකලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේද සම්බන්ධකම් ඇති බවට වාර්තාවේ. උදයංග වීරතුංගගේ මෙම නිහීන ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තානාපති සබඳතා පලුදු වූ අතර ශ්‍රී ලංකාවට විශාල කළු පැල්ලමක්ද එක්කළේය. රුසියාව මොහුව පිටුවහල් කොට ජාත්‍යන්තර පොලිසියට භාරදීමට කටයුතු කරද්දී මොහු රුසියාවෙන් පලාගොස් රාජපක්ෂවරුන්ගේ ජාත්‍යන්තර මැර තිප්පලක සැඟවිණ.

කාලයක් තිස්සේ මොහු නිශ්ශබ්දව සිටි අතර වත්මන් රජයේ එජාපය නියෝජන කරන ඩීල්කරුවන්ගේ පහසින් අත් අඩංගුවෙන් බේරී සිටීමටද සමත් විය. කෙසේ වෙතත් උදයංග වීරතුංග සන්තකයේ රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි ඩොලර් මිලියන ගණනක් ඇති අතර ඒවා සුදු කරගැනීමත් තම ගිණුම්වලට භාගත කරගැනීමත් වෙනුවෙන් මෙම හමුව උපයෝගී කරගෙන ඇතැයි ද වාර්තාවේ.

mara-thai

udayanga01

udayanga-mara

RSL

Related Posts