සීගිරිය අවට විනාශයට සජිත් සහ අකිල උඩගෙඩි දෙති!

Spread the love

akila sajith

සීගිරිය පුරා විද්‍යා ප්‍රේරණ කලාපයේ අනවසර ඉදිකිරීම්වලට එරෙහිව මධ්‍යම පළාත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නීතිමය කටයුතු කිරීමේ දී ඊනියා යහපාලන ඇමැතිවරවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අකිල විරාජ් විසින් එයට බාධා කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබෙයි.

අදාළ කලාපයේ මෑත දිනයක අනවසර ඉදිකිරීමක් සිදු කරද්දී එම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර නොගැනීමට ද බලපෑම් කර ඇතැ යි වාර්තා වෙයි. වසර 20කට වැඩි කාලයක් පුරා අනීතිකව කිසිදු ලේඛනයකින් තොරව පවත්වාගෙන යන හෝටලයක් ද අදාළ කලාපය තුළ තිබෙන බව දැනගන්නට ඇත. මේ සියලු ඉදිකිරීම් ඉවත් කළ යුතු වුවත්, මාතලේ දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී රංජිත් අලුවිහාරේ විසින් පෙර කියන ලද ඇමැති සහයෙන් එයට බාධා කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙවැනි කටයුතු යහපාලන වචනයට නොගැලපෙනවා සේ ම කැමරා ඉදිරිපිට බෙරිහන් දෙන සජිත්ට ද සුදුසු නොවේ. ජනපතිවරයාගේ අවධානය මේ ගැන යොමනු වටියි.

RSL

Related Posts