ෆෙඩරල් ගැන කතා බැහැ – ශ්‍රී.ල.නි.ප. කියයි!

Spread the love

slfph

ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් උදෙසා ෆෙඩරල් විසඳුමක් පිළිබඳ අවශ්‍යතාවක් ඇතැ යි කතා බහක් යම් යම් තැන්වල මේ දිනවල මතු වෙමින් ඇත. දෙමළ ජනතාව වැඩි වශයෙන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරමින් සිටින එපමණක් නොව වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ද නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය මේ ගැන අදහස් පළ කර තිබුණු අතර එය විවිධ විවේචනයට සේ ම මතභේදයට ද ලක් විය.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට ෆෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතු බවට උතුරු පළාත් සභාවේ යෝජනාවක් ද සම්මත කරගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ස්ථාවරය පළ කරනු ලැබීය.

එහිදී ප්‍රකාශ කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ෆෙඩරල් යෝජනාවට තබා ඒ ගැන සාකච්ඡා කිරීමටවත් සූදානම් නැති බව ය. යෝජනා සම්මත කරගන්නට පළාත් සභාවලට හැකි මුත් තමන් එ් වෙනුවෙන් සහායක් නොදක්වන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

කෙසේ වෙතත්, ජනඝාතක යුද්ධයකට පවා උපස්ථම්භක වුණු මෙම ගැටලුව කෙරෙහි සංවේදි අවධානයක් දැක්වීමට සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බව අපේ හැඟීම ය.

RSL

Related Posts