සද්දෙට බය නෑ: දුන් නියෝග ආපස්සට ගන්නෙත් නෑ; අලි අධිකරණය දෙදරවයි!
සද්දවලට බයේ තමා දුන් නියෝග ආපස්සට ගන්නට සූදානම් නැතැයි’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු ළඟ තබා ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය. අලි පැටවුන් බැඳුම්කර මත මුදාහැරීමට එරෙහිව ප්‍රතිශෝධනපත් මහාධිකරණයට යොමු කළ ද සිය තීන්දුව අත්හිටුවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා …
Continue Reading
යහපාලනයට වස කවන කක්කුස්සි කටට ඉබ්බෙක්!
වත්මන් යහපාලන ආණ්ඩුවේ කිරි කළයට වැටුණු ගොම බිඳුවක් වුණු චතුර සේනාරත්න මේ වන විට ආණ්ඩුවටත්, යහපාලනයටත් කළු පැල්ලම්කරුවෙකු වී ඇත. නොමේරූ මොළ ගෙඩියකට සවි වුණු අදෝමුඛයක් වැනි වූ මුඛරි කටත් නිතර වනනා ඉරට්ටක් වැනි ඇඟිලි දෙකකුත් ඉදිරියට දමමින් වේදිකා උඩත්, මාධ්‍ය ඉදිරියේත් උන්මත්තකයෙකු මෙන් බෙරිහන් දෙන චතුර එදා ‘මර්වින් සිල්වා’ එක් කළ කළු පැල්ලම් වත්මන් ආණ්ඩුවට එක්කරන ප්‍රධාන ආරෝපකයා වී …
Continue Reading
ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?
පසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව …
Continue Reading
තිළිණ ගමගේ ඇපෙන් බේරෙයි! අධිකරණය අවමානයට ලක්වෙයි!
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඇත් පැටවකු ලඟ තබා ගැනීමේ චෝදනාවට ලක්ව අධිකරණය මඟ හරිමින් කට්ටි පනිමින් සිට දින 20 කට පසු අධිකරණයට භාර වූ තිළිණ ගමගේට ඊයේ(02) පැය කිහිපයක් ඇතුලත ඇප ලැබීම මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් නොවී දින 20ක පමණ කාලයක් අතුරුදන්ව සිටි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඊයේ(02 වැනිදා) ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට …
Continue Reading
ආර්යා ශිරන්ති සමඟ යහන්ගත වන එක රැයකට මේ තරම් මුදලක්..?? (විශේෂ)
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ 2014 දී වෙසක් සඳේ ප්‍රංශයේ එක් රැයක් පහන් කිරීම සඳහා වැය කළ මුදල ඇසුවොත් ඔබ පුදුමයට පත්වනු ඇත. එම මුදල එක් රැයකට ශ්‍රී ලංකා රුපියල් වලින් රුපියල් විසිපන් ලක්ෂ හැත්තෑ තුන්දහස් හත්සිය හතලිස් හයකි. හරියටම රුපියල් 2,573,746.87 කි. මෙවැනි එක් රැයක් පමණක් නොව ආර්යා ශිරන්ති එවැනි රැයවල් 04 ක් පහන් කිරීම සඳහා ගෙවා ඇති මේ …
Continue Reading
මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට එල්ල වූ ප්‍රහාරය රජය තරයේ හෙළාදකියි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම නිවට බියගුළු ක්‍රියාව රජයේ තරයේ හෙළාදකින බවයි. අද(02) පෙරවරුවේ මීගමුව නගර සභා රැස්වීම වාර්තා කිරීමට ගොස් එම භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒ මහතාට මෙම ප්‍රහාරය එල්ල වී තිබිණ. නිදහස් ජනමාධ්‍ය සංස්කෘතිය ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය වන බවත්, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ නියම් හා අනියම් ආකාරයේ …
Continue Reading
රාජපක්ෂලා ජනතාවට ආදරේ කළ තරම පෙන්වන්න බැසිල්ගෙන් පුංචි උදාහරණයක්
පැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් තම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ අනූහයකට (9,680,000.00) වැඩි මුදලක් ගෙවීම, මාසික විදුලි බිල මසකට ලක්ෂ විස්සක් ගෙවීම යන කරුණු මත මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. කුප්‍රකට බැසිල් රාජපක්ෂ විසින් තම අතිසුඛෝපභෝගී මෝටර් රථය සඳහා එම ගොඩනැගිල්ලේ විශේෂ විදුලි සෝපානයක් …
Continue Reading
තායිලන්තයේ කොටි විහාරයෙන් කොටි මස් හමුවේ
තායිලන්ත කොටින් ඇතිදැඩි කළ බෞද්ධ විහාරස්ථානයේ තිබී දින 1ක් 2ක් වයසැති කොටි පැටවුන් 40කගේ පමණ සිරුරු සොයා ගෙන ඇතැයි වාර්තාවේ. උසාවි නියෝගයක් සමඟ සිදුකළ වැටලීමකදී ශීතාගාරවල බහා තිබූ මෙම කොටි පැටවුන්ගේ මාංශ සොයාගත් බව එරට ජාතික උද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඇඩිසෝන් නච්ඩම්රොන්ග් පවසයි. කාංචනාබුරි පළාතේ පිහිටි මෙම විහාරස්ථානයේ කොටි 137 දෙනෙකු සිටි අතර එයින් තිදෙනෙකු සඳුදා දිනයේදී ඉවත් කරන …
Continue Reading
ගම්මන්පිලගේ මිලියන 110ක පිවිතුරු හොරකමක් එළියට
ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් මහතාට අයත් රුපියල් මිලියන 110ක් වටිනා කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් භාවිතා කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විකුණා ඇති බවට බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටර්නි බලපත්‍ර හිමිකරු වන ලසිත පෙරේරා මහතා චෝදනා කරයි. ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්ගේ නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් උදය ගම්මන්පිල මහතා විසින් සකසන ලදැයි චෝදනා කරන “නීත්‍යානුකූල ප්‍රකාශනයක්” යැයි …
Continue Reading
අනූෂ පැල්පිට ගැන වජිරගේ පාර්ශවය කියන කථාව
පසුගිය රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන අනූෂ පැල්පිට සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ පාර්ශවයෙන් අප වෙත පැහැදිලි කිරීමක් එවා ඇති අතර එය අප මෙලෙස සංස්කරණයකින් තොරව පළ කර සිටිමු. පසුගිය රජය පැවති කාලයේ දී විවිධ චෝදනා එල්ලවි ඇතැයි කියන අනූෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇතැයි පසුගිය දිනවල දී ඇතැම් මාධ්‍යවලින් …
Continue Reading