සද්දෙට බය නෑ: දුන් නියෝග ආපස්සට ගන්නෙත් නෑ; අලි අධිකරණය දෙදරවයි!

Spread the love

Supreme Court-SLසද්දවලට බයේ තමා දුන් නියෝග ආපස්සට ගන්නට සූදානම් නැතැයි’ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (03) ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු ළඟ තබා ගැනීමේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

අලි පැටවුන් බැඳුම්කර මත මුදාහැරීමට එරෙහිව ප්‍රතිශෝධනපත් මහාධිකරණයට යොමු කළ ද සිය තීන්දුව අත්හිටුවා නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණය තුළ ශබ්ද නඟා කරුණු දැක්වූවාට තමන් දුන් නියෝග ආපස්සට නොගන්නා බව පැවසීය. මීට පිළිතුරු ලබා දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා පැවසුවේ ‘මගේ ශබ්දවලට ඔබ බිය විය යුතු නැති බවත් නීතියේ රාමුව තුළ පිහිටා කටයුතු කරන ලෙසය. මෙහිදී අලි හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් හා රජයේ නීතිඥයින් අතර දැඩි වාග් ප්‍රහාර එකිනෙකා හා හුවමාරු වෙමින් අධිකරණය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් විය. නඩුව කැඳවමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුර වාර්තා ඉදිරිපත් කරන්නේද? යනුවෙන් රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු ලබා දුන් රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා පවසා සිටියේ 2016.05.18 හා 2016.05.21 වන දින මෙම අධිකරණය ලබා දුන් නියෝග ප්‍රතිශෝධන කර ඉල්ලා මහාධිකරණය වෙත අයදුම්පත්‍රයක් යොමු කර ඇති බවය. නීතිමය ගැටලු රාශියක් ඇති බැවින් නඩුවේ ඉදිරි ක්‍රියා අත්හිටුවා ඇති බැවින් නැවත වැඩිදුර වාර්තා මෙම අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බැවින් රහස් පොලිසිය වැඩිදුර වාර්තා ඉදිරිපත් නොකරන බව පැවැසීය.

2016.05.23 රේජිස්ට්‍රාර් වෙත නීතිපතිවරයා මෙම ගොනුවට අදාළ මුල් වාර්තා ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බව පැවසු රජයේ නීතිඥවරයා අධිකරණ කොමිෂන් සභාව හරහා දෙවන වරටද තමා මුල් ගොනුව ඉල්ලා ඉල්ලීම් කළත් ඊට ද මෙම අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය ප්‍රතිචාර නොදක්වා ඇති බවය.

මහේස්ත්‍රාත් – මම දන්නේ නැහැ. මේ පිළිබඳ මා කනගාටුව පළ කරනවා. මේ පිළිබඳ මා විමර්ශනයක් කරනවා.

නීතිඥ අජිත් පතිරණ – අධිකරණයේ ගෞරවය හා මහේස්ත්‍රාත්වරයාගේ ගෞරවය රැකෙන ආකාරයට නීතිඥයින් හැසිරිය යුතුය.

මහේස්ත්‍රාත් – ‘සද්දේට මම බය නැහැ. මම දුන් නියෝග ආපස්සට ගන්නේ නැහැ.

රජයේ නීතිඥ දිලීප පීරිස් – ‘මගේ සද්දෙට ඔබ බිය වන්න එපා. නීතියේ රාමුවේ සිට කටයුතු කරන්න.

නීතිඥ උපුල් කුරප්පෙරුම – නඩුවට අදාළ දේ පමණක් කතා කරන්න. එය දිලීප කතා කරන විලාශයයි. ඉන් අධිකරණයට අපහස වුණේ නැහැ.

නීතිඥ අජිත් පතිරණ – ඇත් අතුරු සෙවණේ සිටින අලි 5 දෙනකුට ක්ෂය රෝගය වැලඳිලා. මෙම ජීවිතවලට වග කියන්න ඕනේ වනජීවි දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව.

රජයේ නීතිඥ දිලීප පීරිස් – මම ඔබතුමා නියෝග නිකුත් කරනවාට විරුද්ධ වෙනවා යැයි මහේස්ත්‍රාත්වරයා වෙත පැවැසීය.

මහේස්ත්‍රාත් – මහාධිකරණය වෙත ඉල්ලීම ඉදිරිපත් කරන්න. මහනායක හිමියන් හා පොලිස්පති මට ලිපි යොමු කරලා තියෙනවා අලි රෝගී වන බව පවසා.

රජයේ නීතිඥ දිලීප පීරිස් – මහානායක හිමිට පුළුවන්ද? ස්වාමිනි රෝග විනිශ්චය කරන්න. ඔබතුමාගේ නියෝගයේ සඳහන් කර තිබුණා මහනායක ආශිර්වාදය ලැබෙන බවක් හොර බඩු පොදු දේපළ පෙරහැරට ගෙනියන්න දෙන්න බැහැ කීය.

මහේස්ත්‍රාත් – අලි පොදු දේපළක් නොවන බවට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා පවසා තිබුණා?

රජයේ නීතිඥ දිලීප පීරිස් – 1944, 1946 නීති වාර්තා දක්වා මා කරුණු දැක්වූවා. මා ඊට එරෙහිව ඉදිරියේදී ක්‍රියා කරනවා.

අදාළ කරුණු සලකා මහාධිකරණ ප්‍රතිශෝධන කැඳවීමෙන් අනතුරුව ජුලි මස 15 වන දින යළි නඩුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

-දිනමිණ-

RSL

Related Posts