වෙලේ සුදා සමඟ කුඩු විකුණු 17ක් ඇල්ලීමට නියෝග

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තවත් සැකකරුවන් දාහත් (17) දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය. බන්ධනාගාරගත මෙම සැකකරුවන් දුරකථන ඔස්සේ පිටත සිටින පුද්ගලයින් සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බවත් දැනට හඳුනාගත් එම සැකකරුවන්ගෙන් අධිකරණ නියෝග මත …

Continue Reading

විශ්වාසභංගය හමුවේ භංග වුණු මහින්ද

මෙරට දේශපාලන ඉතිහාසයේ පරාජිත එකම ජනාධිපතිවරයා මෙන්ම ලැජ්ජාවක් නැති එකම ජනාධිපතිවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අද වන විට සුපැහැදිලිව ඔප්පු වී හමාරය. ජනාධිපතිවරණයකින් ඔහුව පරාජය කළ මෙරට අතිබහුතර ජනතාව, අගමැතිකමින්ද පරාජය කළේය. අවසානයේ හිමි වූයේ කුරුණෑගලින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් ජන්මෙන්ම ලැජ්ජා බය (මැර සහ කුපාඩි වැඩ සඳහා) නැති මහින්ද යළි යළිත් බලය අල්ලා ගැනීමට දඟලන්නේ කළ හොරකම්, …

Continue Reading

ඉතිහාසයේ ප්‍රථම වතාවට රජ මැදුරේ දොරටු ජනතාවට ඇරෙයි

රජ මැදුරක සුවපහසු ජීවතයට වඩා පොදු ජනතාව සමඟින් ගෙවන ජීවිතය වඩා සුවදායක බවත් රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන මුදල් සම්භාරයක් රටේ රාජ්‍ය නායකයා සඳහා යෙදවීම යුක්ති සහගත නොවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එහෙයින් තමා රජ මැදුරේ ජීවිතයෙන් මිදි ඒ වෙනුවෙන් වැය වෙන අතිවිශාල ධනස්කන්ධය රටේ අහිංසක ජනතාව වෙනුවෙන් යෙදවීම කටයුතු කළ බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ …

Continue Reading

මේ ආදරයයි..!!! පාර්ලිමේන්තුවෙන් දෝරේ ගලයි.. (විශේෂ)

යහපාලනය හෝ ලිච්චවී පාලනය රජ දරුවන්ගේ පාලනය හෝ වේවා තවමත් මෙරට දේශපාලනයේ සාධනීය වෙනසක් සිදු වී නොමැති බව නම් පැහැදිලිය. කිසිදු සුදුසුකමක් නොමැතිව සුදුසුකම් ලබන දේශපාලනය හරහා බිහිවන වන පුද්ගලභාවයන් රටටත් ජනතාවටත් සෙතක් වෙනුවට විපතක්ම වී ඇත. ජනතාවගේ කතිරයට මුවාවෙමින් බලය ඩැහැගන්නා මෙරට දේශපාලඥයින් එම බලයට මුවා වී ජනතාවගේත් රටේත් ධනය සහ සම්පත් කොල්ල කති. මෙය පසුගිය දශක තුන පුරාවට …

Continue Reading

වැලිකඩ ගිය මහින්ද අනුර සේනානායක ඉදිරියේ බැගෑපත් වෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත. එහිදී කු.පා.ම. මහින්ද රාජපක්ෂ හිටපු නි.පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ ඉතා යටහත් පහත් ලෙස කථාබස් කොට ඇතැයි එය දුටු බන්ධනාගාර නිලධාරීන් පවසයි. වසීම් තාජුඩීන් …

Continue Reading

අමාත්‍ය රිෂාඩ්ට ඉරාජ්ගෙන් කිසිකන අභියෝගයක්! (Video)

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගෙන් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට කිසිකන අභියෝගයක් එල්ල වී ඇත. ජනතාව අතරේ විල්පත්තුවේ වන සංහාරකයා ලෙස ප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට iPlant Challenge (අයි ප්‍රාන්ට් චැලෙන්ජ්) වැඩසටහන යටතේ ඉරාජ් කර ඇති අභියෝගය නම් හැකිනම් පැලයක් සිටුවා පෙන්වන ලෙසයි. දැන් ෆේස් බුක් වල බොහෝ දෙනා බලා සිටින්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මෙම අභියෝගය භාරගෙන අවම තරමේ ඔහුට එරෙහිව ඇති පරිසර ඝාතකයාගේ …

Continue Reading

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රගේ ෆයිල්එක ජනපති අතට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ අයථා වැඩ කටයුතු සම්බන්ධයෙන් වන සාක්ෂි සහිත වාර්තාවක් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇත. එහි මෙසේ සඳහන්වේ. මහ බැංකු අධිපතිවරයා සිය බලය අයථා පරිහරණය සම්බන්ධයෙනි. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නුසුදුසු බව ප්‍ර‍කාශ කළ ලංකා පුත්‍ර‍ සංවර්ධන බැංකුවේ සභාපති …

Continue Reading

අවි ගබඩාව පිපිරීමේ පරීක්ෂණ තවත් පුළුල්වෙයි

කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ ඇතිවූ හදිසි පිපිරීම කඩාකප්පල්කාරී සැලසුම් සහගත ක්‍රියාවක්‌ නිසා සිදුවූවක්‌ද එසේත් නැත්නම් වෙනත් හේතුවක්‌ මත වූවක්‌ද යන්න සෙවීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් ඊයේ (06) දිනයේදී මෙහෙයුම් ආරම්භ කරන ලදී. ඊට අමතරව ත්‍රිවිධ හමුදා මූලික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් පත්කර ඇත. සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කොස්‌ගම …

Continue Reading

කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු …

Continue Reading

අවි ගබඩාවේ පිපිරීම සැක සහිතයි; පරීක්ෂණ රහස් පොලිසිය යටතට (විශේෂ)

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාවේ හදිසි පිපිරීමක් අද (05) සවස සිදු වී තිබෙන අතර එය සැක සහිත බවට වාර්තාවේ. මේ හේතුවෙන් කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරුම සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසිය යටතට පවරන ලෙස නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ. මෙය යම් පාර්ශවයක කුමන්ත්‍රණයකට අදාළ සැලසුමක්ද යන්න පිළිබඳව සැක මතුව ඇතැයිද වාර්තාවේ. එසේම මේ …

Continue Reading