කීයටවත් ගෝඨාව නම් ශ්‍රීලනිපයට ගන්නේ නැහැ – දුමින්දගෙන් සහතිකයක්

Spread the love

Gotas 2ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි නායකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කිරීමට යන බවට පැතිර යන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂව ශ්‍රීලනිපයට සම්බන්ධ කර නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට සුදුසු ජ්‍යෙෂ්ඨයෝ තරුණයෝ ඕන තරම් පක්‍ෂය තුළ සිටින බවත් ඒ තත්ත්වය මත දෙවැනි පෙළ නායකයකු පක්‍ෂයට පිටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවක්‌ නැතැයි ද හෙතෙම කීය.

ජනවාරි අටවැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්‍ෂ පවුල් පාලනයෙන් බේරාගනු ලැබුවේ රට සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යන දෙකම බව ද ඒ මහතා කීය.

අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවී තිබෙන්නේ මේ නිසා බව කී මහ ලේකම්වරයා පක්‍ෂය තුළ පවුල් ගස්‌ ඇති කරන්න මින් මතු කාටවත් ඉඩ දෙන්නේ නැතැයි ද අවධාරණය කළේය

RSL

Related Posts