විශ්වාසභංගය හමුවේ භංග වුණු මහින්ද

Spread the love

mahinda-loseමෙරට දේශපාලන ඉතිහාසයේ පරාජිත එකම ජනාධිපතිවරයා මෙන්ම ලැජ්ජාවක් නැති එකම ජනාධිපතිවරයා වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අද වන විට සුපැහැදිලිව ඔප්පු වී හමාරය.

ජනාධිපතිවරණයකින් ඔහුව පරාජය කළ මෙරට අතිබහුතර ජනතාව, අගමැතිකමින්ද පරාජය කළේය. අවසානයේ හිමි වූයේ කුරුණෑගලින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් පමණි. එහෙත් ජන්මෙන්ම ලැජ්ජා බය (මැර සහ කුපාඩි වැඩ සඳහා) නැති මහින්ද යළි යළිත් බලය අල්ලා ගැනීමට දඟලන්නේ කළ හොරකම්, මැරකම්, ජඩකම් යට ගසාගෙන මැරෙන තුරාවට හෝ බේරී සිටිමටය.

මහින්ද රාජපක්ෂගේ කල්ලිය ඔහුගේ අදහස පරිදි මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි විස්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේ කරුණු කිහිපයක් වෙනුවෙනි. එකක් මහින්දගේ දේශපාලන බලය පෙන්වා, සිදුවන පරීක්ෂණවලට වක්‍රාකාර බලපෑමක් කිරීමටය. අනෙක පාර්ලිමේන්තුවේ ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් තමන් සමඟ සිටින බව පෙන්වා ජනපති මෛත්‍රී ශ්‍රී.ල.නි.ප ගොඩ නඟන වැඩේ ආපස්සට ඇඳීමටය. එසේම වත්මන් රජයේ රට ගොඩන ආර්ථික වැඩ පිළිවෙල අඩාල කිරීමටත් මහින්ද කල්ලිය වටා රැස්ව සිටින ගම් බට්ටන්ට පොඩි හෝ උත්තේජනයක් ලබාදීමටත්ය.

එහෙත් ඊයේ ඒ සියල්ල මහින්ද ගඟට ගැපූ ඉනි මෙන් ගසාගෙන ගියේ මහින්ද සහ ගෝලයෝ රොත්තට අන්ත පරාජයක් අත්කර දෙමිනි. මහින්ද සුපුරුදු පරිදි විස්කි අඩියක්වත් ගසා පාර්ලිමේන්තුවට පැමිණියේවත් නැත. එම පරාජය සැලවීමත් මහින්දට ඒත් ලැජ්ජාවක් දැනෙන්නේ නැත. ඒ වෙනුවට මහින්ද කළේ පැදුරටත් නොකියා ජපානයට පලා ගියේය.

RSL

Related Posts