වැලිකඩ ගිය මහින්ද අනුර සේනානායක ඉදිරියේ බැගෑපත් වෙයි

Spread the love

mahinda-480රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක බැලීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ (06) වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇත.

එහිදී කු.පා.ම. මහින්ද රාජපක්ෂ හිටපු නි.පොලිස්පති අනුර සේනානායක ඉදිරියේ ඉතා යටහත් පහත් ලෙස කථාබස් කොට ඇතැයි එය දුටු බන්ධනාගාර නිලධාරීන් පවසයි.

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට දැඩි චෝදනා එල්ල වී ඇති අතර විශේෂයෙන් ශිරන්ති රාජපක්ෂට හා නාමල් රාජපක්ෂට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මේ අනුව රාජපක්ෂ පවුලේ අනාගතය තීරණය කරන සාක්ෂි රාශියක් අනුර සේනානායක සතුවන බව පැහැදිලිය.

එහෙත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ නගරයට ලොකු සේවයක් කළ අයෙක් බැවින් ඔහු බැලීමට පැමිණි බවයි.

RSL

Related Posts