හය වසරක් වැනි කෙටි කලක් ඇතුළත, ශ‍්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රයේ මෙතෙක් කිසිවෙකුත් දිනා ගැනීමට සමත් නොවූ අති විශිෂ්ට ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සමත් වී ඇත.
අපගේ පාරිභෝගිකයා වෙත වඩාත් පුළුල් සේවාවක් ලබා දීම සඳහා බ්ලූ මවුන්ටන් සතුව බිලියන 14 ක වත්කම් ප‍්‍රමාණයක් ඉක්මවන මහා පරිමාණ සමාගම් හතරක්ද දේපළ වෙළඳාම් හා සම්බන්ධ සියලු කටයුතු කළමනාකරණය සඳහා තවත් විශාල සමාගම් හතක්ද පවතී. අද වන විට ‘බ්ලූ මවුන්ටන්’ යනු විශ්වසනීයත්වය හා නව්‍යකරණය සමඟින් බැඳුණු ශ‍්‍රී ලාංකිකයාට ඉතා සමීප වෙළඳ සන්නාමයකි.
2010 වසරේදී පිහිටුවනු ලැබූ බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය දේපළ වෙළඳාම, බිම් කොටස් වෙළඳාම, තට්ටු නිවාස ඉදිකිරීම්, දේපළ කළමනාකරණය, තක්සේරු කිරීම, මිනින්දෝරු, නීති සේවා සැපයුම් ආදී ඉතා පුළුල් පරාසයක් පුරා දේපළ වෙළඳාම් සේවාවන් සැපයීමෙහි විශේෂඥයෙකි. වසර හයක්් වැනි කෙටි කලක් ඇතුළත විශාල ලෙස සංවර්ධනයට පත් අප සමාගම අද වන විට මෙරට තුළ අතිශය ජනප‍්‍රිය සහ වඩාත්ම විශ්වාසදායී සමාගමක් බවට පත් වී ඇත. වත්මනදී 30%ද ඉක්මවන වෙළඳපළ කොටස් හිමිකාරීත්වයක් සහිත බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය ක්ෂේත‍්‍රය තුළ 40%ක ප‍්‍රත්‍යානයනයකටද උරුමකම් කියයි.
බ්ලූ මවුන්ටන් යනු නව්‍යකරණයෙන් පූර්ණ සමාගමකි. නිවාසයන්හි වාස්තුවිද්‍යාරූපී සැලසුම්හි සිට සුඛෝපභෝගී නිවාසපුර සැලසුම්කරණය, වෙළඳ ප‍්‍රචාරණය සහ ප‍්‍රවර්ධන කටයුතු දක්වාම බ්ලූ මවුන්ටන් නාමය ශ‍්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත‍්‍රය තුළ නවෝත්පාදකයෙකු ලෙස නිරන්තර අවධානය දිනා ගනී. මහා නගර සංවර්ධන සහ සැලසුම්කරණයෙහිලාද අප දරනුයේ නව්‍යතම සංකල්පයන්ය.
අප සහෝදර සමාගම් වන බ්ලූ මවුන්ටන් ප්‍රොපර්ටීස්, බ්ලූ මවුන්ටන් අපාර්ට්මන්ට්ස්, බ්ලූ මවුන්ටන් කන්ස්ට‍්‍රක්ෂන්ස් සහ බ්ලූ මවුන්ටන් ලෑන්ඞ්ලෝඞ්ස් විශිෂ්ටත්වය උදෙසා එකිනෙක හා බැඳී කටයුතු කරන අතර අප කණ්ඩායම සිය පාරිභෝගිකයන් වෙත ඉහළම සේවයක් ලබා දෙමින් ඔවුන් තෘප්තිමත් කිරීමට බැඳී සිටිති.
එමෙන්ම, විවිධ අංශයන්හි සේවයේ නියුතු 2,100 කට ආසන්න සේවක සමූහයකට රැුකියා අවස්ථා සැපයීමටද බ්ලූ මවුන්ටන් හට හැකි වී ඇත. බ්ලූ මවුන්ටන් ප්‍රොපර්ටීස් සමාගම සතුව 600 කට අධික සේවක මඬුල්ලක් පවතින අතර එය මෙරට නිවාස සහ නිවාසපුර ව්‍යාපෘති සංවර්ධනයේ ප‍්‍රමුඛතමයෙකු වේ.