මේ ආදරයයි..!!! පාර්ලිමේන්තුවෙන් දෝරේ ගලයි.. (විශේෂ)

Spread the love

me-adarayai-parlimentයහපාලනය හෝ ලිච්චවී පාලනය රජ දරුවන්ගේ පාලනය හෝ වේවා තවමත් මෙරට දේශපාලනයේ සාධනීය වෙනසක් සිදු වී නොමැති බව නම් පැහැදිලිය. කිසිදු සුදුසුකමක් නොමැතිව සුදුසුකම් ලබන දේශපාලනය හරහා බිහිවන වන පුද්ගලභාවයන් රටටත් ජනතාවටත් සෙතක් වෙනුවට විපතක්ම වී ඇත.

ජනතාවගේ කතිරයට මුවාවෙමින් බලය ඩැහැගන්නා මෙරට දේශපාලඥයින් එම බලයට මුවා වී ජනතාවගේත් රටේත් ධනය සහ සම්පත් කොල්ල කති. මෙය පසුගිය දශක තුන පුරාවට බිහි වූ ආණ්ඩුවලින් සිදු වූ දේශපාලන ක්‍රමයයි.

මෙරට දුක් මහන්සියෙන් අධ්‍යාපනය ලබා රටටත් ජනතාවට සේවයක් කිරීමට බිහි වන උගතුන් බුද්ධිමතුන්ට වඩා වැඩි ධනයක්, බලයක්, සුව පහසුකම් යනාදිය අධ්‍යාපනයක් නොලත් හොරුන් අතට නීත්‍යානුකූලව පත්වීමේ ප්‍රධානය මාර්ගය මෙරට දේශපාලනයයි. මෙම දුෂිත නොදියුණු අපේ දේශපාලන ක්‍රමයයි. වත්මන් ආණ්ඩුවද ඊට නිදසුන් සපයමින් මෙතෙක් රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවන් කරන වෘත්තිකයින්ට ලබාදුන් වාහන තීරුබදු සහන ඉවත් කොට දේශපාලඥයින්ගේ සහන වැඩි වර්ධනය කරගත්හ.

ඒ අනුව යමින් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් තිස්‌ දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසි පන් ලක්‌ෂයක අමතර මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක්‌ මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ.

  • ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්,

    ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌ ඉල්ලා ඇත.

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌,

    විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌,

    මහ නගර සභා නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌,

    සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌,

    ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌,

    විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌,

    සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌,

    ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌,

    කර්මාන්ත ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌,

    ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌,

    විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    වාරි මාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,

    අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති සරත් දුෂ්මන්ත මහතාට රුපියල් හත් කෝටියක්‌,

    බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌,

    වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌,
    මෙසේ පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.

  • මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    මේ මෙරට ජනතාව ආදරයෙන් තම ඡන්දයෙන් සහ මනාපයෙන් පත්කරගෙන පාර්ලිමේන්තු යැවූ මැති ඇමතිවරුන් (ඇතැමුන් පරාජිතයින් ) ජනතාවගේ බදු මුදලින් තීරු බදු රහිත අති සුඛෝපභෝගී වාහන තම සුඛවිහරණය සඳහා ඇනවුම් කොට ගෙන්වා ගන්නා ආකාරයයි.

    ජනතාව තවමත් සිතන්නේ තමන් අවශ්‍ය අවස්ථාවේ ඡන්දය පාවිච්චි කොට නිහඬව සිටීම තම රාජකාරිය යැයි සිතන්නේ නම් එය රටේත් , ජනතාවගේත් අභාග්‍යය වනු ඇත. ප්‍රජාත්‍රන්තවාදය හොඳින් ස්ථාපිත මොහොතක ජනතාවගේ ප්‍රතිචාරත්, ඔවුන්ගේ මතවාදීමය බලපෑමත් රටක යහපාලනය ගොඩගැනීමට ඉවහල් වනු ඇත. එම නිසා පොදුජනතාවත්, සිවිල් සංවිධාන නිරන්තර අවදියෙන් සිටිමින් රට නිවැරදි මාවතකට ගෙන යෑමට වගබලා ගැනීම ඔවුන් සතු වගකීමක්ද වේ.

    RSL

    Related Posts