ජනපති මෛත්‍රී මේ තරම් දුක් විඳින්නේ ඇයි..?

Spread the love

president-maithri-sadපසුගිය රජය සමයේ බලවතුන් මෙලෙස විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කළ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු විදේශ සංචාරයක දී මුදල් නාස්ති කර නොමැති බවත්, ජී-7 සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව යාමේ දී ද එතුමා ඉතා නිහතමානීව වාණිජ ගුවන් යානයක් භාවිත කළ බවත් වැඩබලන විදේශ ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

‘ජී-7 සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් එහි ගියේ පෞද්ගලික ගුවන් යානා හෝ රජයට අයත් ගුවන් යානාවලින් වුවත් අපේ ජනාධිපතිතුමා ගියේ වාණිජ ගුවන් යානාවකින්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිටරටවලට යනවිට ශ්‍රී ලංකන් ගුවන් යානාවක් ම අරගෙන යනවා. ආපසු එන්නේත් ඒ යානයේමයි.

ඒත් අපේ ජනාධිපතිතුමා ඉතා නිහතමානීව සාමාන්‍ය ජනතාව මෙන් සිංගප්පූරුවට ගොස් එහි පැය 4ක් නතරවී පසුව ජපානය බලා පිටත්ව ගියා. මේ නිසා එතුමා රතු පළස මතින් එතුමා පිළිගැනීමට ජපන් බලධාරීන්ට නොහැකි වුණා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට කනගාටුව පළ කිරීමේ දී එය ඉතා සුළු දෙයක් බවත්, එවැනි පිළිගැනීම් තමා අපේක්ෂා නොකරන බවත් එතුමා ප්‍රකාශ කර තිබුණා.’යැයිද ඒ මහතා පැවැසීය.

මීට ඉහත ශ්‍රී ලංකාවේ සිටි රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂගේ රට සංචාර ගැනත් ඒවායේ කෙරුවාවන් ගැනත් අප යළි අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. රාජ්‍ය නායකයා නොව ඔහුගේ ආර්යාව වෙසක් සිරි නරඹා එක් රැයක් පහන් කිරීමට ගත කළ මුදල් ප්‍රමාණයන් අප මීට ඉහත දී ඉදිරිපත් කළෙමු. එවන් අයවලුන් රජ පවුල් ලෙස ජනතා මුදල් කාබාසිනියා කළ යුගයක් නිමා කොට ඉතා පරමාදර්ශී ගමනක් යන වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රටට පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශමත් රාජ්‍ය නායකයෙකු වී හමාරය.

මේ මුදල් ඔහු ඉතිරි කන්නේ ඔහුටවත්, ඔහුගේ පවුලටවත් නොව මේ රටේ ජනතාවටය. රට වෙනුවෙන් ලෝකය දිනන්නට ගියද ඒ වෙනුවෙන් වියදම් කරන්නේ මේ රටේ පොදු ජනතාවගේ මුදල්ය. ජනතා මුදල් අවභාවිතා නොකොට ජනතාව වෙනුවෙන් තම උපරිම සේවය කිරීමට කැප වුණු රාජ්‍ය නායකයෙකු ලැබීම සැබැවින්ම රටත්, ජනතාවත් ලැබූ අතිශය භාග්‍යයක් මෙන්ම ජයග්‍රහණයකි.

RSL

Related Posts