විදුලිය ගැන රවීගේ සහතිකයක්

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ පවසයි. ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙන බවත් ඒය ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, එම ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් …

Continue Reading

දෙමටගොඩ චමින්දගේ ලොකු අයියා ඇතුළු 9ක් පිස්තෝල-කුඩු සමඟ අල්ලයි

පාතාල නායක දෙමටගොඩ චමින්ද නමැත්තාගේ වැඩිමහල් සහෝදරයා වන දෙමටගොඩ රුවන් නමැත්තා සමඟ පාකිස්තාන ජාතික යුවළක් ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පවසයි. දෙමටගොඩ, වේළුවන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් වැටලීමේදී අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද සිටින බව පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය මඟින් සිදු කරන ලද …

Continue Reading

කුප්‍රකට අපරාධකරු මාකඳුරේ මදුෂ් මෙහෙය වූ දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සහචරයින් අල්ලයි

ශ්‍රී ලංකාවේ කුප්‍රකට නමගිය අපරාධකරුවකු වන මාකඳුරේ මඳුෂ් නැමැත්තාගේ මෙහෙයවීමෙන් සිදු වූ රුපියල් කෝටි 700 ක දියමන්ති සහ මැණික් කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (28) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දියමන්ති කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයකු බව කියන කැලුම් ඉන්දිකගේ පුත්‍රයා සහ තවත් තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹට ආසන්න ප්‍රදේශයකදීය. …

Continue Reading

ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර දමා අවසන්ය. තම දේශපාලන මණ්ඩල සභිකයින් සහ පූර්ණ කාලීන සාමාජිකයින් දුරාචාරයන්ගෙන් සහ මත්පැන් පානයෙන් වැලකී සිටින අය බවට ජනතා විමුක්ති …

Continue Reading

ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 43,000ක් දුම්වැටි සහ මද්‍යසාර වලින් වාර්ෂිකව නිහඬවම මියයයි

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයෙන් වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් මිය යන අතර මද්‍යසාර භාවිතය නිසා වාර්ෂිකව පුද්ගලයන් 23,000ක් මිය යන බව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ. නිමල් පෙරේරා මහතා පැවැසීය. ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳව රැස්වීමේදී ඔහු මෙසේද පැවැසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, ශ්‍රී ලංකාවේ හෙරොයින් …

Continue Reading

කොකේන්, ගිනි අවි, මුදල් සහ වාහන සමග දෙමටගොඩ රුවන් ඇතුළු පාතාලයේ 8ක් STF දැලේ

පාතාල කල්ලි නායක ‘දෙමටගොඩ චමින්ද’ නමැත්තාගේ සොහොයුරු ‘දෙමටගොඩ ‘රුවන්’ සහ කාන්තාවන් 3 දෙනකු ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලියක සාමාජිකයන් 8 දෙනකු ගිනිඅවි සහ කොකේන් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙමටගොඩ බෝධිරාජ මාවතේදී ඊයේ (28 ) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී දෙමටගොඩ රුවන් ඔහුගේ පුත‍්‍රයා, පාකිස්තානුවකු, කාන්තාවන් තිදෙනකු සහ තවත් පිරිමින් තිදෙනකු අත් අඩංගුවට පත්ව ඇත. පොලිස් …

Continue Reading

කාලයකට පසු වසීම් තාජුදීන් ඝාතන නඩුවේ සැකකරුවන්ට නඩු පැවරීමට සැරසෙයි

ප්‍රවීන රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපතිවරයා අද(28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා …

Continue Reading

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් එම බැඳුම්කර හොරුන්ට දඬුවම් ලබාදීම දුෂ්කර වැඩක් (වීඩියෝ)

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් වී සිටින පුද්ගලයින් ආණ්ඩු කරද්දී ඔවුන්ට දඬුවම් දිය නොහැකි බවත් ජනතාව මෙම තත්ත්වය තේරුම් ගත යුතු බවත් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. පවතින තත්ත්වය වෙනස් කිරීමට නම් ඔවුන් නොමැති ආණ්ඩුවක් පැමිණිය යුතු බවත්, මහ බැංකු කොල්ලයේ කුණු කන්ද කොලොන්නාවේ කුණු කන්දටත් වඩා විශාල බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ඊයේ (27දා) පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා කොමිසමේ …

Continue Reading

වාසි වුවත් නැතත්, පැරැණි හෝ අලූත් ක‍්‍රමයට මැතිවරණය අත්‍යාවශ්‍යයි

විපක්‍ෂයට වාසි වුවත් නැතත් අලූත් ඡන්ද ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් ඡුන්දය පවත්වනවාට තමා එකඟ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. විපක්‍ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ සාමාජිකයන් සිය නිල නිවසේදී පසුගියදා (26) හමු වූ අවස්ථාවේදී ය. වැදගත් වන්නේ ඡන්ද ක‍්‍රමය නොව ඡන්දය පැවැත්වීම බව ද මෙහිදී විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය. යහපාලනයක මූලික …

Continue Reading

මෛත්‍රි-රනිල්-මහින්ද අද විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (28) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජාතික ප්‍රශ්නය, දේශපාලන ස්ථාවරත්වය, ඉදිරි මැතිවරණ ඇතුළු ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

Continue Reading