විදුලිය ගැන රවීගේ සහතිකයක්

Spread the love

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හෝ හිඟ වීමක් ගැන පවසන සියලු දේ මුසාවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක‍ පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙන බවත් ඒය ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, එම ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් තුළින් පිළිතුරු සපයන බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

 2020 පෙබරවාරි මස වනවිට හබරණ විදුලි උපපොළ ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

 එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

අපට බාරදී ඇති විෂය ,නිසි පරිදි මමත්, රාජ්‍ය ඇමතිතුමත්, ලංවිම ඉංජිනේරුවනුත් ගැටළු ඇති නොවන පරිදි ඉටුකරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ භාහිර පාර්ශවයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටළු ඇයි කියලා. වසර ගණනාවක් පුරාවට මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙනවා.

නමුත් ඒ ප්‍රශ්න ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, ඒ ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් තුළින පිළිතුරු සපයන බව අපට වගකීමෙන් කියන්න පුළුවන්. විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හිගවීමක් මේ සියල්ලක්ම මුසාවක්. ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි ඒ අභියෝග බාරගෙන, නිර්භීතව කටයුතු කරනවා.  මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ භාහිර පාර්ශවයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටළු ඇයි කියලා” යැයි  අවධාරණය කළේය.

සාම්පූර් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 200 ක ගල් අගුරු බලාගාර ව්‍යාපෘතිය මූලික කරගනිමින් මෙම විදුලි හබරණ විදුලි උපපොල ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබේ.

දැනට නොරොච්චෝල සිට නව අනුරාධපුරට සහ වේයන්ගොඩට ගමන්ගන්නා සම්ප්‍රේෂණ මාර්ගයන්හි යම් ගැටළුකාරි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවකදී පද්ධතිය තුළ ඇතිවන්නාවූ තත්ත්වය පාලනය කරගැනීම සදහාද මෙම විදුලි උපපොල උපයෝගී කරගත හැකිවේ. 

2020 පෙබරවාරි මස වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙම හබරන විදුලි උපපොළ ඉදිකිරීම් කටයුතු අවසන් වනවිට,සාම්පූර් බාලාගාරයේද කටයුතු නිමවුවහොත්, එය විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රටටම සුවිශාල ආර්ථික වාසියක් සලසා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. 

දේශීය සමාගමක් වන ඩිමෝ ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන මෙම උපපොල ඉදිකිරීම සදහා යන වියදම  රු. බිලියන 3.5 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ජයිකා ණය ආධාර මත ඉදිකෙරෙන මෙම විදුලි උපපොළ, අක්කර 16ක රජයේ ඉඩමක ඉදිකිරීම් සිදු කෙරේ. 

RSL

Related Posts