ඔරියන්ට් ‍ෆිනෑන්ස් නමින් හොර FD!, මූල්‍ය ආයතන කඩා වැටීමේ ඇත්ත කථාව එදා සිට අද දක්වා..

Spread the love

පසුගියදා මහ බැංකුව විසින් ද ‍ෆිනෑන්ස් ආයතනය කෙරේ බල පවත්වන පරිදි විශේෂ නියෝග මාලාවක් පැනවූයේය. ඊට හේතු වූයේ ද ෆිනෑන්ස් ආයතනයේ  සොහොන් ලකුණු මහ ජනතාවගෙන් වසන් කිරීම ව්‍යවසනයකට අත වැනීමක් වීමය. මහ බැංකුව පැනවූ නව නියෝග අනුව තැන්පතු භාර ගැනීම මුළුමනින්ම අත්හි‍ටුවූයේය . වාණිජ ණය  දැඩි සීමාවන්ට ලක් කලේය. කල්පිරෙන තැන්පතු ආපසු ගැනීම දැඩි කොන්දේසි වලට යටත් කලේය. තැන්පතු රු ලක්ෂ 6ට වඩා ආපසු ලබා ගැනීම තහනම් කලේය. එනම් අවශ්‍යතාවය කුමක් වුවත්  තැන්පතු හිමියෙකුට තමන්ගේ මුදල් ආපසු ලබා ගත හැක්කේ ලක්ෂ 6ක් පමනි.

මූල්‍ය  සමාගම් බුන්වත් වීම  සහ  පොලු  ඉතිහාසය

ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලිවම පෙනී යන්නේ බැංකු සුද්දය  වනචර දශකයේ තවත් එක් දායාදයක් බවය . වනචර දශකයට පෙර යුගයේ බෑන්ක් රොබරි ගැන ලියවුනු කතා අල්පය. ලංකාවේ ප්‍රථම මහා පරිමාන බැංකු පොලු කාරයා ලෙස ඉතිහාස ගතව ඇත්තේ  බඩී වෙත්තසිංහය. මහජන මුදල් කෝටි ගනනින් ගසා කා රට පැන්න ප්‍රථමයා මොහුය. බඩී වෙත්තසිංහ යනු  ලටෙක් බස් කර්මාන්තශාලාව කොල්ල කෑ රවි වෙත්තසිංහගේ පියාය.

මෑත භාගයේ මූල්‍ය ආයතන කඩා වැටීම ආරම්භ වූයේ ප්‍රමුඛ බැංකුවෙනි . 2002 වසරේදී  ප්‍රමුඛ බැංකුව බුන්වත් වූයේය. ප්‍රමුඛ බැංකුවට රොබරිය   දුන්නේ එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ රෝහාන් පෙරේරාය. රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් විසිකිරීමේ අනුහසින් රෝහාන් පෙරේරා නීතියේ ‍රැහැනින් පලා ගියේය.  නමුත් රොහාන් පෙරේරා ගොඩ ගැසූ මුදල් ‍රැදුනේ නැත. එංගලන්තයේ සිටි ඔහුගේ දියනිය හෙරොයින් වලට ඇබ්බැහි වූවාය.රොහාන් සොරකම් කල මුදල් ඇය කාබාසීනීයා කලේ පොලියත් සමගය.

බැසිල් – කොතලාවල විරසකය සහ ඵල විපාක

2005 මැතිවරණ කටයුතු  සදහා ලලිත් කොතලාවල ගෙඩි පිටින් ලක්ෂ 50ක්  බැසිල්ට දුන්නේය. නමුත් රාජපක්ෂලා බලයට පත්වීමත් සමගම කොතලාවලගේ ව්‍යාපාර ගරිල්ලා ප්‍රහාරයන්ට  ලක් වූයේය. මේ පිලිබදව සාකච්ඡා කිරීමට ඔහු බැසිල් හමුවූයේය. කෙලින් කථාකරන කොතලාවල එහිදී  අමුතු කථාවක් කියුවේය. තමා  පැමිනියේ  මැතිවරණයට දුන් මුදල්  මතක් කිරීමට නොව නිදහසේ ව්‍යාපාර කරගෙන යාමේ තම අයිතිය ඉල්ලිමට යයි කීවේය.

” ඔව්,  මට ලක්ෂ 50 රනිල්ට ලක්ෂ 100 යි, හිතුවද මම මේව දන්නේ නෑ කියා”.

කොතලාවලගේ ව්‍යාපාරික නිදහස රනිල්ගෙන් ඉල්ලා ගන්නා ලෙස බැසිල් දැන් වූයේය.

මේ අතර ගෝල්ඩන් කී ආයතනයේ ප්‍රධානියාවූ කාවන් පෙරේරාට මුදල් අව භාවිතා කිරීම පිලිබදව  චෝදනාවක් එල්ල විය. එය සැලවූ  ලලිත් කොතලාවල කාවන් පෙරේරාට එරෙහිව පොලීසියට පැමිනිලි කලේය. නමුත් සිදුවූයේ අනෙකකි. රාජපක්ෂලා කොතලාවල අත් අඩගුවට ගෙන කාවන් පෙරේරා සමග ඩීල් දැමුවේය. ගෝල්ඩන් කී ආයතයතුල රු බිලියන ගනනක කළු මුදල් තැන්පතු විය .ගෝල්ඩන් කී ආයතනයේ තැන්පතු පිලිබද විස්තර  රටට හෙලි වූයේ නම් එය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වීමට ඉඩ තිබුනි. අහිංසකයන්ගේ මුදල් වලට වඩා එහි තිබුනේ දේශපාලකයන්, ආගමික නායකයන්, ආරක්ෂක ප්‍රධානීන් හොරකම් කල මුදල්ය. රාජපක්ෂලා මුලින්ම කලේ මෙම ලැයිස්තුව තම අතට ගැනීමය. ඉන්පසුව කළු සල්ලි හිමිකරුවන් බ්ලැක් මේල් කලේය.

තැන්පතුකරුවන්   කළු මුදල් සහ බැල්ක් මේල් කලාව

මුදල් පියවන්නේ කාගේද ගල් කරන්නේ කාගේද යන්න තීරණය කලේ රාජපක්ෂලාය. වැන්දඹු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට රාජපක්ෂලාගේ අනුකම්පාව හිමි වීම නිසා තැන්පත් කල මුදල් ආපසු ලැබුනි. ගාන පොඩි නැත.ගෙඩි පිටින් ලක්ෂ 3000කි. එම ලක්ෂ 3000 උපයා ගත් ආකාරය සුදර්ශනීගෙන් විමසා සිටියේ නැත. නමුත්  සුදර්ශනීට ලද අනුකම්පාව අනෙක් තැන්පත් කරුවන්ට හිමි නොවිනි.ලක්ෂ 4100ක දෙමල ව්‍යාපාරිකයෙකුගේ තැන්පතු කොටි මුදල් යයි චෝදනා කලේය. මුදල් කෙසේ වෙතත් ඔහු ජීවිතය බේරාගත්තේද අනු නවයෙනි. රාජපක්ෂලාගේ ක්‍රමය දන්නාලක්ෂ 1200ක තැන්පත් හිමි රේගු නිලධාරියෙකු වාසය කලේ ‘මුදල් මගේ නෙවේ’ ලීලාවෙනි. මිනිසුන් බැල්ක් මේල් කොට රදවාගත් මුදල් යලි මහ බැංකුව වෙත ගියේ නැත. ඒවා ගියේ රාජපක්ෂලාගේ එකවුට් වලටය. නැති බැරි අංහිසකයින්ට ඉතුරු වූයේ වස බෝතලය පමනි.

මූල්‍ය ආයතන මං කොල්ල කෑම සදහා පත් කල කල්ලිය සහ  සක්විතිට දුන් සුද්දය

මුලදී සක්විති  මූල්‍ය ආයතනයට රාජපක්ෂලාගෙන් රාජ්‍ය සම්මාන  හිමි විය. ජේ. ආර්.පී සූරියප්පෙරුම , එඩ්වින් ආරියදාස වැනි  රාජපක්ෂ  බත් ගොට්ටන් එහි අධ්‍යක්ෂකයන් වුවෝය. නමුත්  සක්විති ව්‍යාපාරයේ   මූල්‍ය අර්බුධයක  සේයාව මතුවන විට  රාජපක්ෂලා සුපුරුදු වෘත්තියට බැස්සේය. රාජපක්ෂලා කලේ අර්බුධයෙන් ගොඩ ඒමට අතදීම නොව කඩා වැටීම ඉක්මන් කෙරෙන තැනට කටයුතු යෙදීමය. මක්නිසාදයත් මූල්‍ය ආයතනයට සුද්දය දිය හැක්කේ  එය හොදින් පවත්නා විට නොව ඈවර කරන විටය . අජිත් කබ්‍රාල් සහ මොහාන් පීරිස් ගෙන් සමන්විත  කල්ලියක් මූල්‍ය ආයතන මංකොල්ල කෑම සදහා පත් කොට තිබුනි. සක්විති  ආයතනය ද්‍රවශීලතා අර්බුධයට ලක්වූ මූලික අවධියේදී මේම කල්ලිය ඔහු බැල්ක් මේල් කොට  කෝටි 400කට වැඩි මුදලක් කඩා ගත්තේය. සක්විති ආයතනය  නියත කඩාවැටීමකට ලක් ලක් වූයේ ඒ අනුවය.

දඩුවම් මුදලාලීගේ මූල්‍ය අධිරාජ්‍ය

දකුණු පලාත කේන්ද්‍ර කොට ගනිමින් බිහිවූ දඩුවම් මුදලාලීගේ මූල්‍ය අධිරාජ්‍ය වනචර දශකයේ කොල්ල කෑ තවත් මූල්‍ය ආයතනයකි. දඩුවම් මුදලාලි කරලියට පිවිසියේ රාජපක්ෂලා ලෝකල් රොබරි දෙන අවධියේදීය. දඩුවම් මුදලාලි මුල් කාලයේ මාළු දැල් වලට අඩුවම් දැමූ අයෙකි. අඩුවම් මුදලාලි පසුව දඩුවම් මුදලාලි වූයේය. මුදල් ණයට දීමෙන් මුදල වෙළද පොලට පිවිසි ඔහු කෙටි කාලයක් තුලදී දකුණ, සබරගමුව, ඌව සහ බස්නාහිර ප්‍රදේශ තුල සිය අනසක පැතිරවූයේය.  දඩුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ  මූල්‍ය වත්කම සක්විතිගේ ව්‍යාපාරයේ මූල්‍ය වත්කම මෙන් දසගුණයකටත් වඩා වැඩිය. දඩුවම් මුදලාලීගේ ව්‍යාපාරයේ දිග පලල සහ නියම වත්කම් වසන් කලේ රාජපක්ෂලාය. මක්  නිසාදයත් ඒවා කොල්ල කැවේ ඔවුන් නිසාය..

දඩුවම් මුදලාලීට කැසිනො පුරුදු කල කපටි ආරක්ෂකයා

දඩුවම් මුදලාලීගේ මූල්‍ය අධිරාජ්‍ය කන වැකුනු නාමල් ඔහු සොයා පැමිනියේය. ඔහු හා මිත්‍ර වූ නාමල් දඩුවම් මුදලාලීට  කොලඹ සිරි පෙන්වූයේය. දඩුවම් මුදලාලීට කැසිනෝ පුරුදු කලේ නාමල් විසිනි. දඩුවම් මුදලාලී කැසිනෝවලට ඇබ්බැහි වීමත් සමගම ඔහු මූල්‍ය අර්බුධයකට ලක් වූයේය. දඩුවම් මුදලාලීගේ කපටි ආරක්ෂකයා වූයේ නාමල්ය. නාමල් දඩුවම් මුදලාලී සහ ඔහුගේ දියනියන් රටින් පිට කලේය. නාමල් දඩුවම් මුදලාලීට පිහිට වූයේ ආදරයට නොව වත්ත පුරා වලලා තිබූ වස්තුව කොල්ල කෑමටය. රන් ආභරන පමනක් නොව නිදන් වලින් ගොඩගත් දඹරන් කිලෝ ගනනක් එහි විය . දඩුවම් මුදලාලී  මුදල් තැන්පත් කලේද බැංකු වල නොව වත්තේ පොලව යටය.

දඩුවම් මුදලාලී රටින් පන්නා රත්‍රන් වලට දුන් සුද්දය

දඩුවම් මුදලාලී රටින් පිට කල නාමල් ඔහුගේ වත්ත පුරා වලලා තිබූ රත්‍රන් සහ මුදල් ගොඩ ඇද්දේය. මේවා වලලා තිබුනේ  හුංගම කහද ගෙවත්තේය .රාත්‍රීයේ වත්ත හාරනවා දු‍ටු ගමේ තරුනයින් දෙදෙනෙකු ඒ පිබදව විමසිල්ලෙන් පසු වූයේය. වලලා තිබූ රත්‍රන් ඩිෆෙන්ඩර් දෙකකින් නාමල්ලා විසින් ‍රැගෙන ගියේය. ගමේ තරුණයින් දෙදෙනා මොටර් සයිකල් වලින් ඩිෆෙන්ඩර් ලුහුබැන්දේය. තරුනයයින් නාමල්ගේ ටීම් එක අතින් මරණයට පත් විය. ඒ සමගම කුරුවිට ප්‍රදේශයේ වත්තක ඝාතනය කොට ගිනි තැබු සිරුරක් හමු වූයේය. එම ඝාතනය මෙහෙය වූයේ  කැප්ටන් මූර්ති විසිනි. කුරුවිට වත්තේ පිළිස්සුන සිරුර දඩුවම් මුදලාලීගේ යයි ප්‍රකාෂ විය. දඩුවම් මුදලාලීට  සුද්දය දීම වෙනුවෙන් කල ඝාතන ප්‍රමානය 11කි.

මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව

මූල්‍ය ආයතන කඩාවැටීමේ ඇත්ත කථාව හිතනවාට වඩා භයානකය. ගිනී පොලී ගසමින් මහජනයාගේ මුදල් සමග සෙල්ලම් කරන මූල්‍ය ආයතන ප්‍රධානීන් ලක්ෂ ගනනින් වැ‍ටුප් ලබන්නේය.ඇතැම් මාස වල වැ‍ටුපට අමතරව ඉන්සෙන්ටිව් ලබන්නේය. ඇතමෙක් ලැබීම් වල අතිරික්තයෙන් නයිට් ක්ල්බ් ගොස් කැසිනෝ ගසන්නේය. එය ඇබ්බැහියක් වූ පසු  අහිංසක මිනිසුන්ගේ  තැන්පතු ටිකද ‍රැගෙන ගොස් කැසිනෝ ගසන්නෝය. ප්‍රමුඛ බැංකුවේ රෝහාන් පෙරේරා, සක්විති රණසිංහ , ගෝල්ඩන් කී කාවන් පෙරේරා, දඩුවම් මුදලාලී, ඊ.ටී.අයි එදිරිසිංහලා ඇතුළු සියල්ලන් කලේ මේ ටිකය.

කැසිනෝ ඇබ්බැහිය ”එෆ්.ඩී”  ටිකට කෙලීම දක්වා දිව දිව ගිය පසු  මුල්‍ය ආයතනයට පොලිසි යාම හැර විකල්පයක් නැති වන්නේය. නමුත් මූල්‍ය ආයතනය පොලිසි යාම ඇහැට කනට පෙනෙන ගෑනියෙකු පොලිසි ගියා හා සමානය. දූෂිත දේශපාලනඥයන්, විණිසොරුන්, පොලීසිය වැඩ අරඹන්නේ මෙතැන් සිටය. එය කෙලවරන්නේ මූල්‍ය ආයතනයට පිහිටක් ලැබීමෙන් නොව ආයතනය බංකොලොත් වීමෙනි. බංකොලොත් ආයතනයෙන් ලොකුම කුට්ටිය කඩා ගන්නේ දේශපාලනඥයන්ය. මෙම ත්‍රාඩ මංකොල්ලයේ වින්දියන් වන්නේ අංහිසක ජනතාවය.

කැසිනෝ ඇබ්බැහිය නිසා අනතුරට පත්වූ ඔරියන්ට් ‍ෆිනෑන්ස් සමාගම

නිලධාරීන්ගේ කැසිනෝ ඇබ්බැහිය නිසා අද ලංකාවේ තවත් මුල්‍ය ආයතනයක් බරපතල අර්බුදයකට මුහුන පා ඇත. ශාෆ්ටර් පවුලට අයත් ඔරියට් ‍ෆිනෑන්ස් සමාගම අනතුරට මුහුන දී ඇති ආයතනයයි. ඔරියන්ට් ‍ෆිනෑන්ස් සමාගමේ ප්‍රධානියෙකු වන සංජීව සෙනෙවිරත්න කැසිනෝ කාරයෙකි.ඔරියන්ට් ‍ෆිනෑන්ස් ආයතනයේ  තැන්පත් කරුවන්ට 70 කට පමන මොහු විසින්  ලබා දී ඇත්තේ ව්‍යාජ එෆ්.ඩී  සහතිකය. සමහරක් එෆ්.ඩී වල වටිනාකම කෝටි ගනනකි . පසුගිය අවුරුද්දක පමන කාලය තුල මොහු විටින් විට ව්‍යාජ එෆ්.ඩී සහතික නිකුත් කර ඇත. ව්‍යාජ සහතික කල් පිරෙන විට තැන්පත් කරුවාට රෝලක් දමා මුදල් ලබා දුන්නද කොයි මොහොතක හෝ පුපුරා යාම නියතයකි. මෙම සටහන ලිවීමට පෙර ලියුම්කරු ආයතනයේ ඉහලම පාලන අධිකාරියෙන් විමසීමක් කලේය. වංචාව පිළිබදව ඔවුන් දැනුවත් නමුත් එය පොලීසිය දක්වා ගෙන නොයන්නේ ඔවුන් විසින්ම බව එහිදී පැහැදිලි විය.

ලියුම්කරු 100% වගකීමන් කරන හෙලිදරව්ව

ඔරියන්ට් ආයතනය  දත කන්නේ හොර එෆ්.ඩී නිකුතුවට කිසිදු සේවකයෙකු ගෑවී නොමැති බව පෙන්වීමටය.   හොර එෆ්.ඩී තෙවන පාර්ශවයක වංචාවක් ලෙස  පෙන්වා අහිංසක තැන්පත් කරුවන්ට පොලු තැබිමටය. ලියුම්කරු මෙම වංචාව පිලිබදව ලියන්නේ 100% වගකීමෙනි. ඔරිජිනල් එෆ්.ඩී වලට  සමාන හොර එෆ්.ඩී මුද්‍රණය කලේ මට්ට්ක්කුලියේ හොර කච්ච්චේරියකිනි. හොර කච්චේරිය එෆ්.ඩී  ප්‍රින්ට් කලේ 5% ක කොමිස් මුදලකට යටත්වය. එනම් කෝටියක එෆ්.ඩී සහතිකයක්  ප්‍රින්ට් කිරීමෙ පිරිවැය ලක්ෂ 5කි. එලෙස  ප්‍රින්ට් කර ඇති එෆ්.ඩී සහතික  ගනන 71කි. ලක්ෂ ගනනින් ගෙවා එෆ්.ඩී ප්‍රින්ට් කොට ගෙදර තබා ගැනීමට ඔරියන්ට් ආයතනයේ කැසිනෝ ගහන  ලොක්කන්ට පිස්සු විය යුතුය .මෙම වංචාව  පිලිබදව  හෙලිදරව් නොකරන ලෙස  ඔරියන්ට් ආයතනය ලියුම්කරුගෙන් උදක්ම ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් සන්තොසම් මුදල් ගෙවීමටද  ඉදිරිපත් විය. නමුත්  ලියුම්කරු ජනතාව වෙනුවෙන් මිස  කිසිවෙකුගේ  මුදලටලියන්නෙකු නොවන බවට මෙම ලිපියද සාක්ෂියකි.  ඔරියන්ට් පාලකයන් සමග කල සංවාද පටිගතය.

වැටත් නියරත් ගොයම් කන රටක අස්වැන්න

ඔරියන්ට් ආයතනයේ AGM – Fund Mobilization ගීතිකා වික්‍රමසිංහගේ තර්කය වන්නේ ජනතා සේවයක් ලෙස සත්‍ය හෙලිදරව් කලද අවසානයේ සිදුවන්නේ ආයතනය බංකොලොත් වීම බවය. බැංකු කරණයේ කෙලපැමිනි ඇය  යක්ෂයෙකුට බියව ඇති බව පැහැදිලිය.  මේ  දීර්ග ලිපිය ලියූවේ එකී යක්ෂයා හෙලි දරව් කිරීමටය. එකී යක්ෂයා අන් කිසිවෙකු නොව දූෂිත රාජ්‍ය යාන්ත්‍රනය බව දැන් පැහැදිලිය. නමුත් එකක් කිව යුතුමය. ඔරියන්ට් ආයතනයේ දූෂිත ප්‍රධානීන්ට එරෙහිව අද පොලීසියට යා හැකිය. එසේ ගියා කියා  ශාෆ්ටර් පවුල හිර කොට ඔරියන්ට් ආයතනය මංකොල්ල කන්නේ නැත. හොරා සමග ඩීල් දමා ශාෆ්ටර් කූඩුවට දාන්නේ නැත.

වෙනස සැපද..?

මක්නිසාදයත් අද මහින්ද තැන දැන්  ඉන්නේ රනිල්ය. මහින්ද මහජන මුදල් අමානුෂික අයුරින් කොල්ල කෑවේය. පුද්ගලයන් තනි තනිවත් සාමූහික ලෙසත් යන දෙආකාරයෙන්ම  කොල්ල කෑවේය . තනි තනිව අගතියට පත් මිනිස්සු වස බීවෝය. නමුත් රනිල්ගේ ක්‍රමය ඊට වෙනස්ය. රනිල් හොරකමේදී  පට්ට සමාජවාදියෙකි.  ඔහු රට මංකොල්ල කන්නේ ඉන්ෂුවරන්ස් න්‍යායට අනුවය. රනිල් මහදවල් මහ බැංකුව මංකොල්ල කෑවේ කෑවේ එම න්‍යායට අනුවය. රනිල් පොදුවේ සමාජයට මිස එක් පුද්ගලයකුගේ බඩට ගැසුවේ  නැත . කිසිවෙකු වස නොබීවේ එහෙයිනි. රනිල්ගේ සහ රාජපක්ලාගේ  වෙනස එයයි. අප සැපයි කියන වෙනස මෙයයි.

-කීර්ති රත්නායක-

RSL

Related Posts