ලාල්කාන්ත 14 දක්වා ඇතුලට; කාන්තාවන් තවම රෝහලේ, එක් අයෙකුට බරපතලයි

Spread the love

බීමත්ව රිය පදවා අනතුරක් සිදුකොට කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද (02) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී පෙරේරා මහත්මිය නියෝග කර ඇත.

මෙහිදී ලාල්කාන්ත වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් සැකකරුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළද, වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේදී සිදු වු රිය අනතුරක් සම්බන්ධයෙන් ඊයේ (01) පස්වරුවේ පොලීසිය මඟින් ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු පැදවු කැබ් රථය යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු වු අතර එහිදී කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබු අතර අනතුර සිදුවන අවස්ථාවේ කේ.ඩී ලාල්කාන්ත බීමතින් සිට ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය විය.

අනතුරින් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනා මේ වනවිටත් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

ආශ්‍රිත පුවත්: ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

RSL

Related Posts