ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 43,000ක් දුම්වැටි සහ මද්‍යසාර වලින් වාර්ෂිකව නිහඬවම මියයයි

Spread the love

ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතයෙන් වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් මිය යන අතර මද්‍යසාර භාවිතය නිසා වාර්ෂිකව පුද්ගලයන් 23,000ක් මිය යන බව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.ඒ. නිමල් පෙරේරා මහතා පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැඩසටහනට සමගාමීව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳව රැස්වීමේදී ඔහු මෙසේද පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා,

ශ්‍රී ලංකාවේ හෙරොයින් සඳහා වසරකට රුපියල් කෝටි 1800ක් විනාශ කරන අතර ගංජා සඳහා රුපියල් කෝටි 720ක්ද මත්ද්‍රව්‍ය සඳහා රුපියල් කෝටි 5,880 ක්ද, දුම්වැටි සඳහා කෝටි 7005ක්ද විනාශ කරන බවත් පසුගිය වසර තුළ පමණක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හෙරොයින් ළඟ තබා ගැනීම නිසා සැකකරුවන් 71 දෙනකුද මත් පෙති ළඟ තබා ගැනීමට 20ක්ද ගංජා ළඟ තබා ගැනීමට 1097ක් ද මදනමෝදක ළඟ තබා ගැනීමට 13ක් ද කසිප්පු ළඟ තබා ගැනීමට 1122ක්ද ගෝඩා ළඟ තබා ගැනීමට 180ක්ද වශයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 2503 දෙනකු සඳහා අධිකරණයේ නඩු පවරා රුපියල් 17,525,040ක මුදලක් දඩ මුදල් ලෙස රජයට අය කර දීමට කටයුතු කර තිබෙනවා යැයි පැවැසීය.

RSL

Related Posts