ජවිපෙ සායම දියවෙයි..විජේවීරගේ එදා පක්ෂය අද අනුර කුමාර කා දමා හමාරයි..ලාල්කාන්ත බීමතින් රිය පදවා අත්අඩංගුවේ..

Spread the love

එදා රෝහණ විජේවීරයන් තම දිවි දෙවැනි කොට නිර්දන පන්තියේ පොඩි මිනිසා ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් ගොඩ නැඟු ජනතා විමුක්ති පෙරමුණ නම් මේ මහ පොලොවේ පැවතිය යුතු පක්ෂය අද එහි වත්මන් නායක අනුර කුමාර දිසානායක විසින් ඩීල්වලින් එහා ගොස් මුළුමනින්ම විනාශකර දමා අවසන්ය.

තම දේශපාලන මණ්ඩල සභිකයින් සහ පූර්ණ කාලීන සාමාජිකයින් දුරාචාරයන්ගෙන් සහ මත්පැන් පානයෙන් වැලකී සිටින අය බවට ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් කල් ගෙන ගිය ඊනියා සුජාතභාවයද අද මුසාවක් බවට පත්කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත අද(01) දහවල් බීමත් රිය ධාවනය කොට මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් කාන්තාවන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකොට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ බීමතින් රිය පදවා අනතුර සිදු කිරීමේ චෝදනාව මත කේ.ඩි. ලාල්කාන්ත අත්අඩංගුවට ගත් බවයි.

අද දහවල් 2.45ට පමණ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ බන්ධනාගාරය අසල දි මෙම අනතුර සිදු ව ඇත.

එම අවස්ථාවේදි කැබ් රථය පැදවු කේ.ඩි. ලාල්කාන්ත බීමතින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු පැදවු කැබ් රථය යතුරු පැදියක ගැටි ඇති අතර එම අනතුරින් අසාධ්‍යය තත්වයට පත් වූ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

RSL

Related Posts