ජනපති සටනට සැරසෙන නීතීඥ නාගානන්දගේ නීතිඥ පට්ටම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගලවයි!

මීලඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් වසර කිහිපයක සිට සූදානම් වූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 3ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) නියම කළේය. අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ යන විනිසුරුන්ගේ එකඟත්වය ඇතිව ‍ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නීතිඥ …

Continue Reading

බුදුරජාණන්වහන්සේ වදාළ දේ ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා විසින් සිදුකිරීම දේව කාරණයක් – රාමඤ්ඤ මහානිකායේ මහානාහිමියන්(වීඩියෝ)

ශ්‍රී සම්බුද්ධ ශාසනය වසර 5000ක් කල් පවතින්නේ ශ්‍රී සද්ධර්මය ආරක්ෂාකිරීම තුළින් බවත්, එය ශ්‍රී ලංකාද්වීපයේ ආරක්ෂාවනු ඇති බවත් අප මහා තථාගතයානන් වහන්සේ ඒ කරුණ ප්‍රත්‍යක්ෂ කරමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද බුද්ධ වචනය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් කරමින් ආරක්ෂා කිරීමට සිදුකරන මේ දැවැන්ත කාර්යය දේවකාරණාවක් බව රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක නාහිමිපාණවහන්සේ ඊයේ(17) මහනුවරදී වදාල සේක. ථෙරවාද …

Continue Reading

ලෝවැසි බෞද්ධයින් වෙනුවෙන් ශ්‍රී සද්ධර්මය සුරක්ෂිත කිරීමේ ජාත්‍යන්තර මහෝත්සවය ඇරඹේ..

ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් අද (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව …

Continue Reading

නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි

නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නිය‌ෝගයක් ඉල්ලා …

Continue Reading

බෞද්ධයකු ලෙස ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම වෙනුවෙන් බැඳී සිටිනවා- ජනපති එක්සත් ජාතීන් ඉදිරියේ කියයි

බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා තමන් බැඳී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර …

Continue Reading

මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී වුණාට ප‍්‍රශ්ණයක් නෑ; ඔහු වෙනුවෙන් වැඩ කරන්න සූදානම් – බැසිල් පොහොට්ටුවේ ප‍්‍රතිපත්තිය කියයි

මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ පැවසීය. කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද …

Continue Reading

ශ්‍රීලනිප-ශ්‍රීපොජපෙ අතර පළමු සාකච්ඡා වටය සාර්ථකයි! දෙවන වටයටත් දින තීන්දුයි!

රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන පළමු නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි දෙවන අදියර මෙම මස 21 පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය. අද(14) පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ජන පෙරමුණ නියෝජනය …

Continue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැන් සෙනසුරාදාත් වැඩ

ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග උපදෙස් දෙයි. එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි. ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම …

Continue Reading

ඇමති රවීගෙන් කාරුණික ඉල්ලීමක්!

විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක, ” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන …

Continue Reading

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන්න යුනෙස්කෝ සංවිධානයට ජනපතිගෙන් යෝජනාවක්

ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිට්කය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් භාරදීමට නියමිතව තිබේ. ලබන මාර්තු මස 23 වනදා ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඒ නිමිත්තෙන් මාර්තු 16 වනදා සිට 23 වනදා දක්වා කාලය තුළ …

Continue Reading