මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී වුණාට ප‍්‍රශ්ණයක් නෑ; ඔහු වෙනුවෙන් වැඩ කරන්න සූදානම් – බැසිල් පොහොට්ටුවේ ප‍්‍රතිපත්තිය කියයි

Spread the love

මීලග ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කලද ප‍්‍රශ්ණයක් නැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

එම ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂවරයෙක් නොවන කෙනෙක් නම් කලද එම අපේක්‍ෂකයා වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් යයිද බැසිල් රාජපක්‍ෂ පැවසීය.

කෙසේ වෙතත් අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහු එම ජනාධිපතිවරණය ජයගත හැකි පුද්ගලයෙක් විය යුතු යයිද ඔහු පැවසීය.

‘ගම සමග පිලිසදරක්’ නමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කරමින් ඇති එම පක්‍ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ගැන දැනුවත් කිරීමට එම මූලස්ථානයේ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

RSL

Related Posts