නීතිය සහ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයටත්, හෑල්ලුවටත් ලක්කරමින් ගෝඨා ගිය අඩිපාරේම මාකඳුරේ මඳුෂ් යයි

Spread the love

නීතිය සැමට පොදුනම්, අපරාධ කළ පසු දඬුවම්වලට සහ අත් අඩංගුවට පත්වීමට බියේ සිටින අපරාධකරුවන්ටද එය පොදු විය යුතුය. එම තර්කයේ පිහිටා හෝ නොපිහිටා රටේ නමගිය දරුණු අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන්ට සහන සලසන ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හැකියාව සහ දක්ෂතාවය අනුව අත් අඩංගුවට නොගැනීමේ සහනය ලැබූ ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් කුප්‍රකට අපරාධකරුවෙකු වන මාකඳුරේ මධූෂ් ද අත් අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ අතුරු තහනම් නිය‌ෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

දැනට ඩුබායිහි සිටින සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ ලංකාවේ වෙසෙන පුංචි අම්මා වන සූරියවැව හත්පෝරුව පදිංචි අබේසේකර විජේසේකර ශ‍්‍රියානි නමැත්තියයි. ඇය ඉදිරිපත් කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස විශේෂ කාර්යා බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ටී.එෆ්.ලතීෆ් මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.

මෑත ඉතිහාසයේ සිදුවූ අතිශය ඛේදනීයම තත්වයක් නම් මේ රටේ මිනී මැරුම්, අතුරුදහන් කිරීම් සහ දැවැන්ත මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස්, වසන්න කරන්නාගොඩට එරෙහිව තිබුණු අපරාධ නඩු විභාගවෙද්දී එන පොට හොඳනැති බව දැනගත් මොවුන් තමා කිසිඳු ලෙසකින් අත් අඩංගුවට නොගන්නා ලෙසට අධිකරණයෙන් ලබාගත් අතුරු තහනම් නියෝගයන්ය.

මෙරට සාමාන්‍ය පුරවැසියෙක් මිනීමැරුම්, අපරාධ හෝ මුල්‍ය වංචා වැනි දරුණු ගණයේ අපරාධ කෙසේ වෙතත් අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් කඩාගත් වරදකට පවා අත් අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දමති. ඔවුන්ට ඉන් බේරීමට හවුහරනක් නැත. එහෙත් පුද්ගල ඝාතන, අතුරුදහන් කිරීමේ, මහජන දේපල කොල්ල කෑ, හොරා කෑ මේ රටේ දේශපාලඥයින් ඇතුළු ඇතැම් බලපුළුවන් කාරයින් තමාට එරෙහිව ක්‍රියාත්මක විය නීතියම අභියෝගයට ලක්කරමින් දඬුවම් වෙනුවට පිහිට ලබාගනිති. අවාසනාව නම් රටේ නීති ගරුක, යුක්තිගරුක සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් පෙනීසිටිය යුතු වන නීතිඥයින්ම විශාරදයින් ලෙස කබරගොයා තලගොයා කරගනිමින් කළ දුටු කල වල ඉසගන්නේ චූදිත දුෂිතයින් ඉටු දෙවිවරු කරගනිමිනි.

එලෙස ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේ යමින් තරුණයින් 11 දෙදෙනකු කප්පම් ගැනීම සඳහා උස්සා ඝාතනය කිරීමට වගකිව යුතු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත් අඩංගුවට ගැනීමට එරෙහිවත්, කොටි සංවිධානය සම්බන්ධ කුප්‍රකට රාඩා ගනුදෙනුවට අදාළ ටිරාන් අලස් අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා අතුරු තහනම් නියෝග ලබාගත්තේය.

අද මෙරට දරුණුතම අපරාධකරුවකු, මත්කුඩු ජාවාරම්කරු වක්, පාතාල නායකයෙකු වන මාකඳුරේ මඳුෂ් මේ අධිකරණයේ පිහිටත්, නීතියේ සිදුරුත් සොයා මේ ගමන් කරමින් සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් අඩිපාරේමය.

-හසිත මානන්දුව-

RSL

Related Posts